Monday 5 March 2018

හදේ කොතැනක.

රෑ දෙකත් පහුවෙලා. නින්දක් නැහැ. පුදුම සින්දුවක්. කෙනෙක් හිත කඩල බිඳලා සම්බන්දතාවයක් විනාස කරලා දැම්මම අනිත් කෙනාට මෙහෙම හිතෙනවා ඇති. එයා හිත රිද්දවපු හිත කඩපු හා ඒ ආදරේ විනාස කරපු මිනිහව අමතක වෙලා යනකන් මග බලන් ඉන්නවා. ඇගිලි ගනිනවා ඒ කෙනාවත් ඒ ආදරෙත්(නැතිවිගිය. තමාට අනිකා විසින් අහිමි කල ආදරේ) අමතක වේවා කියල. මෙහෙම ඔයාටත් හිතෙනවා මම දන්නවා. මාව අමතක කරයි. කරන්න. මට එක වෙන්න ඕන දෙයක්. එහෙමයි අපි වගේ මිනිස්සුන්ට වෙන්න ඕන. හිත ගලක් කරගනීවි කවදාහරි. ගල්හිතක් තියෙන්නේ කියල මම අල්ලපු රණ්ඩු මතකයි. ඒවගේම හිත සිතල ගලක් කරගනීවි ඔයා. මේ සින්දුවේ තියෙන්නේ මම මට ආදරේ කරපු කෙනාව විසි කරලා දැම්මම එයාට හිතට දැනුනු දේ. ඒවා කරපු මාව අමතක කරන්න අමාරු වෙන එකක් නැහැ. ඉස්සරත් ඔයා දැනෙන්නේ නැහැවගේ ඉඳල තියෙනවා. මම රන්ඩු කලා ඒවාට. ඒවා ඉවරත් උනා. අපි වෙන් උනා. වෙන් උනත් අපි හමුවේවි. මතු බවයක හරි. හැබැයි දෙවදත්තයි බෝධි සත්වයෝයි නොවී නම් හොඳයි. ඒ උත්තමයෝ ගියේ එකම පාරක නෙවේ. උත්තමය කිව්වේ දේවදත්තට මම මිනිහත් කවදාහරි නිවන් දකින නිසා. ඔයා හිත සිතල ගලක් කරලා මාව සම්පුර්ණයෙන්ම අමතක කරලා දාවි. සංසාරේ අපි හමු උන හැටි.


No comments:

Post a Comment