Wednesday 4 April 2018

අවුරුදු ළගයි

හැමදේම වැරදිලා ගිහින්. මම දන්නවා. එත් හැමවිටම ලෝකය මම දුෂ්ටයකු විදියටම තමා නම් කරන්නේ. ඒකට කමක් නැහැ.
එත් ඔයත් එහෙමමයි නේද? ඒක හරි. ඔයත් ඒ විදියටම මම ගැන හිතන්න ඔයාට හේතු තියෙනවා. ඒක නිවැරදි. මම එත් කවදාවත් ඔයාගෙන් පලිගන්න දෙයක් කරන්න අදහස් කලේ නැහැ. එහෙම මිනිහෙක්නම් මම තවම දුරක ඉදල හරි මේ විදියට හෝ දුක් වෙයිද? අවුරුදු ලගයි. අපි අවුරුද්දට ශෝපින්ග් ගියා මතකයි. අපි නුගේගොඩ පාරවල් වල ෂොප් ඇතුලේ අත් අල්ලාගෙන ඇවිද්ද. බබා මම ඔයාගේ හැමදාම ආසාකලේ හැමදේම පෙනෙන ඇඳුමක් අන්දවල ලෝකෙට පෙන්වල ලෝකෙම මිනිස්සු කුණුහරුප හිතන්න සලස්සවන විදියේ දෙයක් නෙවේ. ඔයාට අරන් දුන්න රෝසපාට දිගටි ඇඳුම මතකද? එකට කෙල්ලෙක් විදියට ඔයාගේ පෙනෙන ලස්සනයි, වැදගත් කමයි වෙන කිසිම ඇඳුමක තිබුනේ නැහැ. ඇත්තමයි. කොහේදී හරි දවසක (අවුරුදු ශෝපින්ග් එකෙදීමද මන්ද) අපි තව දිග ගවුමක් ගත්තා මතකයි. ඔයා ඒ ගව්මට ගොඩක් ලස්සනයි. ගවුමට ඔයා ලස්සනක් මිස ගවුම නිසා ඔයා ලස්සනයි කියනවා නෙවේ. ඔයා ඒ ඇඳුම වලට අවන්කවම ලස්සනයි. ඔයා තේරුව ටී ෂර්ට් එක තවම මම තියන් ඉන්නවා. දැන් මට ඒවා අදින්න දුකයි. මම අදින්න අකමැති නිසා නෙවේ. ඒක ඉරුනොත් මට අතක් නැති උනා වගේ. කවදාහරි දවසක ඔයා මේවා කියෙව්වොත් ඔයා දැනගනීවි ඒවා හැමදාටම මට වටින ඒවා කියල. නිල්පාට ටී ෂර්ට් එකක්, එකේ සුපර් මැන් ගේ ලකුණ ගහල තියෙනවා. හොඳින් ඉන්න මම දුෂ්ටය උනත් මේ ආත්මේ. මේ ආත්මේ විතරයි.

No comments:

Post a Comment