Sunday 29 April 2018

විකිණීයාම

මම මගේ ආත්මයම විකිනපු මිනිහෙක්. එත් මම ඔයාට වෛර කරන්නේ නැහැ. මම එහෙම කරන්නේ කොහොමද? ඇයි? ඔයා කවදාහරි මට වෛර කලත් කමක් නැහැ. අපි දුරස් උනත් මගේ සමහර පොරොන්දු කඩන්න එපා බබා. වැරදියට වටහ ගන්න එපා පොරොන්දු කිවම. මම මොකුත් නරක දෙයක් ගැන නෙවේ කියන්නේ. මම කොතන හිටියත් ඔයා මම ඔයාදිහත් බලාවි. මම එන්නේ නැහැ කරදර කරන්න. එත් මම හැමතැනම ඉන්න සුළගක් වගේ. ඔයා කවදාහරි මාව අමතක කරාවි. එත් මට අමතක වෙන්නේ නැහැ. කවදාහරි කෙනෙක් හම්බ උනාම, දුවාදරුවන් ඉන්නකොට මාව මතක් වෙලා මොකටද? ජීවිතේට ටිකකාලෙකට ලංවෙලා ගිය මායාවක් වේවි මම. මගේ ආත්මයක් කියල නැහැ. හැබැයි මම අයේ කොයි ලෝකෙක හරි හොඳ මිනිහෙක් වෙනවා. මට කිසිම දෙයක් කවදාවත් අමතක නැහැ. හැමදේම පුජනියයි. මම කවදාවත් තරහ නැහැ. බාදා කරන්නෙත් නැහැ. ඔයා හොඳින් ඉන්න ඕන කොහොමහරි. ලෝකේ ඔයා ඉන්න ඕන. මම මේක ලියන්නේ අප්‍රියල් මාසේ වෙසක් වැටුණු දවසක. මම 28 වෙනිදා දුප්පතෙක්ට උදව් කලා, මට ඔයාව මතක් උනා. ඒ පින් ඔයාට ලැබේවා. ඒ පින නිසාමද කොහෙද ඔයාගේ ෆොටෝ කීපයක් ලක්දිනිති අක්ක  දාල තිබුන. ගොඩක් කාලෙකින් දැක්කේ. හොදින් ඉන්න.

No comments:

Post a Comment