Sunday 15 April 2018

අවුරුද්දක්.

ඔයා හොඳින් ඉන්නවා කියල හිතනවා. දුකින් උනත්. මමත් සතුට කියන දෙය නිසා නෙවේ ඉන්නේ. අවුරුද්ද පහුවෙලා යන්න යනවා. මට මතකයි මාව එෆ්බි එකේ ඩිලීට් කරන්න ඉස්සරවෙලා ඔයා සින්දුවක් දාල තිබුන ඔබෙන් ඇමතුමක් එන තුරා කියල. එත් මම කතා කලේ නැහැ. ලොකු කමටවත් කුහක කමටවත් රිද්දන්නවත් නෙවේ. මම කතා කලානම් බබා ඔයා අපහු දුක් සාගරේක ගිලෙනවා. මට වැරදුනා(ආදරය කිරීමත් වරදක්ද? මිනිස්සු අදරේදී ආත්මාර්ථ කාමී වෙලා. මම රිද්දන්න හිතුවේ නැහැ.) එත් මම ආදරේ නොකලද? මම ආදරේ නොදී හිටියද? මම කතා නොකළේ එකම හේතුව අයේ ඔයාට දුකක් නොදෙන්නයි. සමහර විට ඔයා ඒක වැරදියට තේරුම් අරන් ඇති. ඉතින් අවුරුද්දෙත් ඔයාව අමතක කරලා මම අවුරුදු කෑවා නෙවේ.(අවුරුද්දට කෑවත් මට දිරවගන්න බැහැ වගේ.) මම ඔයාට කෝල් එකක්වත් නොදුන්නට මම ඔයාට මම නිසා අපහසුවක් වෙන තරම් ලගට අවේ නැහැ. එත් ඒ දේ ලඟට නොඑන්නේ කාගේද? මම හිතෙනවා බබා ඔයාට අඩුම ගානේ මගේ හිතේ තිබුන ප්‍රාර්ථනාවක් වත් දැනෙන්න ඇති කියල. දැනුනානම් මට සතුටුයි. ඒ ඇරෙන්න අනිත් හැම ක්‍රමයටම ඔයාට අවුරුදු සුබ පැතුමක් දෙන්න මම ගොඩක් උත්සහ කලා. මම ෆේස්බුක් වැඩිය එන්නේ නැහැ. එතන අපි හමු උන තැන. හැමදාම එහෙම තියේවි. මම ගොඩක් උත්සහ කලා. මම සුබපැතුමක් එවුව කියල හෝඩුවාවක් වත් ලැබුනොත් සතුටුයි. ඔයා කවදාහරි දැනගනීවි බබා මම හැමතැනදිම ඔයාව මතක් කරනවා කියල. මම දන්නවා වැරදුන හැමදේම මුල ඉඳල අගටම. එත් මම සතුටෙන් ඉන්න පැනලාගියා කියල ලේබෙල් ගහන්න එපා. අපේ නංගි ෆේස් බුක් එකේ ඉස්සර පොස්ට් දැම්මම ඔයා ලයික් කරනවා. මේ සැරේ එහෙමවත් මම දැක්කේ නැහැ. ඔයා පලිගන්නවද? කමක් නැහැ ඒක හොඳනම්. මම බලන් හිටිය අඩුමගානේ ඔයා එයාගේ එවටවත් ලයික් එකක් දායි අවුරුද්දේ කියල. කමක් නැහැ බබා. සුබ අලුත් අවුරුද්දක්.

No comments:

Post a Comment