Saturday 21 April 2018

අප්‍රියල් මතක.

මේ මාසේ තමා මට මතක අපි දෙන්නටම ඩෙංගු හදුනා. මම හිතන්නේ මට මතක විදියට මට මුලින් හැදුනේ. ඔව්. ඔයා අවුරුද්දට කුරුණෑගල ගිහිනුත් ආවට පස්සේ. මේ වාරයේත් ඔයා යන්න ඇති. කුරුණෑගල ෆිල්ම් එකක් බලන්න යන්න ඇහුව මට මතකයි කොහොමහරි අන්තිමට ගියේ නැහැ. බොහෝවිට(නෙවේ අනිවාර්යෙන්ම) ඒ මම නිසා. මට හැමදේම මතකයි. අයගේ වෙඩින් එකේ වැඩක්ද? නැත්නම් අය්යාගේ අනාගත බිරිඳගේ උපන්දිනේ හරි මේ මාසේ නේද? මට හැමදේම මතකයි බබා. මම අකමැති කවදාහරි ඒවා මට අමතක උනොත්. ජීවිතේටම තියෙන වටිනාම මතක මට ඒවමයි. මම ඔයාට වද දුන්නද? මම කවදාවත් වෙඉරයකින් නම් කිසිම දෙයක් කිව්වේ නැහැ බබා. හැමදේම යට මටවත් පාලනය කරගන්න බැරි වෙන විදියට තිබුනේ අදරේම තමා. ඔයා අමතක කරලා ඇති. විස්වාස නම් කීයටවත් කරන එකක් නැහැ. ඔව් ඒ මේ මාසේ. අයගේ ගර්ල්ට පෙන්ඩන් එකක් රත්තරනින් හදවන්න ඔයා එහාට මෙහාට මහන්සි උනා. මට මතකයි. මට තරහත් ගියා බබා. එකක් ඇයි ඔයාවම එකට යවන්නේ කියල. ඔයාව යවනකොට ඔයාට දුකහිතෙනවා කියල එයාලට දැනුනේ නැද්ද? මට මතක විදියට අවුරුදු මාසේ ඔයාට මම අරන් දුන්නේ ඇදුම් ටිකක් විතරයි. මට අනිත් අතට ගොඩක් දුකක් ඇති උනා ඇයි මට ඒවගේ එකක් හදවන්න ඔලුවට ආවේ නැත්තේ ඇයි කියල. එනිසාමයි මම නොරුස්සන ගතියෙන් ඇහුවේ ඇයි ඔයා ඕවට යන්නේ කියල.(වෙරයක් තිබුනේ නැහැ) තව උනේ මම අකමැත්ත පෙන්නද්දී ඔයා යන්න උත්සහ කලා. ඔවයේදී මට තරහගියේ ආදරේ නිසා කියල මට හිතෙන්නේ, මට මතකත් එහෙමමයි. මම කවදාවත් වෛරයෙන් හිටියේ නැහැ. එක මගේ යාලුවෙක් දවසක් කිව්වා ඔයා එයා එක්ක චැට් කලා පස්සේ නුගේගොඩ සුපර් මර්කෙට් එකේදී හමු උනා කියල. ඒ මිනිහා දැනගෙන හිටියේ මම ඔයා එක්ක යාළුවෙලා කියල. මට කේලම් කීපයක් කිව්වා. එත් මම ඒවා තබයකටවත් මායිම් කලේ නැහැ. මම දන්නවා මට උන්ගේ කතා වැඩක් නැහැ කියල.  මම ආදරේ කලේ නැහැ කියල ඔයත් කියනකොට මගේ ඇස්වලටත් තෙත ගතියක් එනවා. ඔයා අසනීප වෙලා හොස්පිටල් එකේ ඉන්නකොට මම යනවා කියල ඇවිත් ඈත ඉඳල බලල ගොඩක් දුක් උනා. එකක් ඔයා අසනීප වෙනවා අමාරුවෙන් ඉන්නවා දුක් වෙනවා මට බලන්න දුක හිතුන නිසා. අනික මම හැමදාම වේදනාවෙන් හිටියේ. මම වැරදි මම දන්නවා. තවමත් මම ඒ ජනේලෙන් ඔයා දිහා බලන් හිටිය වගේම ඒ පින්තුරේ මගේ ඔලුව ඇතුලේ මැවිලා පේනවා. ඒක හැමදාම එහෙම පෙනෙන්න ඕන මට. මට කිසිවක් අමතක වෙන්න උවමනාවක් නැහැ. ඉතින් බබා අප්‍රියල් වල අපේ කොච්චර ලස්සන කාලයක්ද? මේ කාලෙකට පස්සේ මම කවදාහරි කොහේ හරි හොඳ මිනිහෙක් වෙලා ඉඳීවි බබා. මම ඔයාව හමු වෙයි. සමහර විට ඒ වාරයේ මම දුක් විඳීවි. කමක් නැහැ. කොහොම හරි අපි හමු වේවි. මම මෘගයෙක් වෙලා ඉන්නේ නැහැ ඒ ජීවිතේදී.

No comments:

Post a Comment