Wednesday 18 April 2018

ඔරලෝසුවක් තුල මතක.

බබා ඔයා හොඳින්ද? මම දන්නවා මම නිසා රිදවීම විතරයි. මම දෙන්නෙත් රිදවීම විතරයි. මම ඔයාව විහිලුවකට ගත්ත නෙවේ. ආදරේ හිතීම වරදක්ද? මම ආදරේ කරන්න හිටියේ නැහැ කාටවත්. එත් අපි හමු උනා. මට ආදරේ හිතුනේ වල් කමක් නිසා නෙවේ. මට ඔයා ගැන ආදරේ හිතුනා. ආදරේ හිතිමත් වරදක්ද? ඔයාට දැනුනේ නැද්ද බබා මගෙන් බින්දුවක් වත් ආදරේ? මම ඔයාට ආදරේ කියල නාමයක් වත් දුන්නේ නැද්ද? මම අවස්ථාවදියෙක්ම විතරද එතකොට? ඔයාට රිදෙන්න පුළුවන් කියල හිතෙන ගොඩක් තැන් වලදී මම ඔයා එක්ක හිටියේ නැද්ද? ඒ මම හිටියේ මගේ තියෙන ආත්මාර්ථකාමී කමකටද? ඔයාගේ සමීප අය ඔයාට නැති වෙයිද කියල මම කොච්චරනම් බයකින්ද හිටියේ. එත් මම දන්නවා ඒවා දැන් ඔයාට කිසිසේත්ම වැඩක් නැහැ. ඔයා බොහෝවිට මාව දැන් ගොඩක් අමතක කරලත් ඇති. මම ගැන කිසිම හොඳක් මතක නැතුව ඇති ඔයාට. මම වැරදි තමා. එත් මම ආදරේ කරපු එක වැරදිද? මට ඔයගැන ආදරයක් ඇති උන එකත් නරකද? ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මට ආදරේ හිතුන. එත් මම ඔයාගෙන් ප්‍රයෝජන ගන්න ඇවා නෙවේ. මම මෙච්චර මෘගයෙක්නම් ඇයි මට මෙච්චර වේදනාවක්? මම ආදරේ වෙළදාමක්නම් කලේ මම මෙහෙම මගේ ජිවිතේ දුක් වෙයිද? ඔයාව මෙච්චර මතක් කරයිද? අද හවස හතරට මම ඔරලෝසුව දිහාම බලන් හිටිය. අපේ ඒ ආදරණීයම කාලේ. ඔයා හවස හතරට මට කෝල් කරනවා. හරියටම කිව්වොත් හතරයි හතරට, හතරයි හයට විතර වගේ. මගේ ඇස්වලට කදුළු අවා. මට අමතක වෙන්නේ නැහැ. ඔයා කවදාහරි මමත් වේදනාවක් විඳලා කියල හිතුනොත් අනේ කෝල් එකක් දෙන්න. මගේ ලොකු කම් නැහැ. මම සැර උනානම් බැන්නනම් ඒ හැමදෙයකම යට ආදරේ තිබිල තියනවා. මම දන්නවා මට මුළු ලෝකෙම කියන්නේ අවස්ථාවාදියා කියල. ඔයා කියන්නෙත් එකමයි. නමය නමයි 15 වෙනකන් මම බලන් හිටිය මතකයි. උදේ 4.58 නැගිට්ටම උදෙන්ම ෆේස් බුක් එකේ ගූඩ් මොර්නින්ග් කියන්න කෙනෙක් මට නැහැ වෙන. අයෙත් එහෙම වෙන්නෙත් නැහැ. උදේ වැඩට ගිහින් ඉන්නකොට උදේ 7 ඉස්සර ඔයා කෝල් කල කාලය කොච්චර ලස්සනද? ඒ කෝල් එක පරක්කු උනාම මට පිස්සු වැටෙන්න පටන් ගත්ත. ඒ හඬ ඇහුනේ නැත්නම් මම පිස්සුවෙන් වගේ ඔයාව හෙව්වා(එකට හැමෝම කියන්නේ ආත්මාර්ථ කාමී කම කියල. ඔයත් කිව්වේ එහෙමමයි. කමක් නැහැ. කවදාවත් තරහ නැහැ මම මට කොච්චර වයිර කලත්) මතකද? ඔයාටයි මටයි දෙන්නටම ඩෙංගු හැදුනේ මේ අප්‍රියල් මැයි මාස වලදී. ඩෙංගු වලින්නම් පරිස්සම් වෙන්න බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment