Wednesday 2 May 2018

විකිනුනු මිනිස්සු නැතහොත් මෘගයන්.

මම හිතනවා මාව මතකවත් නැතුව ඇති. එත් මාව අමතක වීමේ සතුටකුත් දැනෙනවා ඇති. මම දන්නවා, මම තරම් වේදනාව ගෙනාව කෙනෙක් තව නැහැ. මම හමුවෙන්න ඉස්සරවෙලා ඔයා සතුටින් හිටිය කිව්වා. මම කොහොමද නැහැ කියන්නේ. එත් මොනවහරි කවදාහරි අපි රණ්ඩු උනානම් මම හැමවෙලාවෙම රණ්ඩු කලේ හිතේ තිබුන ආදරේට. ජීවිතේට මම ඔයාව නරක පාරක දාන්න හැදුවේ නැහැ. වෙන් උනෙත් මම යනපාරේ ඔයාට වේදනාව නිසාමයි. එත් මමත් කවදාහරි හොඳ මිනිහෙක් වේවි මොන ලෝකෙකදී හරි. මම අයේ කොහේදී හරි ඔයාව හමු වෙනවාමයි. බබා ඔයා කවදාහරි අයේ මතක් උනොත් මේ ලිපි ලියපු පේජ් එක ගැන කියවන්න. සතුට කියන එක මට නැහැ. මම වැරදි. මම දන්නවා කවදාහරි කවුරුහරි හමු උන දවසක, දරුවන් ලැබුණු දවසක මාව මතක් වෙන එකක් නැහැ. එත් මට විතරක් ලෝකේ මම බලන හැම අතේම ඔයා ගැන මතකයක් ගැබ් වෙලා. මට ආදරේ හිතුන එක වැරදි. ආදරේ ලබන්න ඕන මිනිස්සු කොට්ටාසයක් නෙවේ මම ඉන්න කොට්ටසය. මම මේජිවිතේ මෘගයෙක් විදියටම ඉඳීවි. මම වගේ එවුන් කොහොමද ආදරේ කරන්නේ? සින්දුවක් ඇහුනත් එකේ තියෙන්නේ පුදුම අදහස්. ලස්සනයි. මට මගේ ජිවිතේ ඇතුලේ ඒ ලස්සන ඇති කරන්න බැරි වෙලා. අදත් අර මාලය මම අතට අරන් ටික වෙලාවක් හිටිය. හවස 4.15 මතක් උනා අපි කතා කරන හැටි,. අම්ම එනකොට චැට් කරන්න පටන් ගන්න හැටි. ලව් යු කියපු හැටි. මෘගයන්ට මොන ආදරේද. මම හොඳ දේවල් කරන්න උත්සාහ කලත් ඒවා රඟපෑම් වෙලා අද. ඒ නිසා මම අයේ ඔයාව ලෝකේ ලස්සන වෙනම පත්තකදී හමුවේවි වෙන කාලෙක. මාව අඳුන ගන්න බබා. ඒ කාලෙට මම කොහෙවත් යන්නේ නැහැ. හැමදේම හිතේ තියෙන දේ ලියන්නත් බැහැ. මට අපේ ඇතිතේ විකුනන්න ඕන නැහැ. හැබැයි එකේ සුවදක් නැහැ කියල මට කියන්න බැහැ. අපි සතුටිනුත් හිටිය. මට අද රෑටත් ඔයාව මතක් වෙනවා. හොඳින් ඉන්න කොහේ හිටියත්.

No comments:

Post a Comment