Saturday 13 April 2019

April 13

බබා. ඔයා හොඳින් කියල හිතනවා. අම්මත් එක්ක එකතුවෙලා ලෑස්ති වෙනවා ඇති දැන්.
බොහෝවිට මේ වෙනකොට අවුරුදු කැවිලි හදල ඉවර කරනවා ඇති, නැතිනම් අම්මත් එක්ක-
ශෝපින්ග් වල ඉතිරි ටික කරනවා ඇති. මම අපේ මතකයන් අතරේ ඇවිදිනවා. මට මතක අපි අවුරුද්දට-
දින කීපයකටත් ඉස්සරවෙලා මුණ ගැහුනා ඒ 2017. මට ඒ හැමදේම මතක් වෙනවා. ඔයාගේ මුහුණේ-
හිනාවක් රඳවන්න මම ගොඩක් උත්සහ කලා. මට මතකයි සතුටුද සතුටුද කියල ඇවිටිලි කර කර මම-
ඔයාගේ අත අල්ලාගෙන ඇවිද ඇවිද යනවා. මම හැමදාටම ඒ මතකයට ආදරෙයි. මම හැමදාටම ඔයාටත්-
ආදරෙයි. ඒ මතක අතරේ මගේ ජිවිතේ ටික කාලෙත් ගෙවේවි. මතක තියන්න බබා මට ඔයාව උදෙත්-
හවසත් හැම වෙලාවකදිමත් මතක් උනා. මතක් වෙනවා. කවදාහරි මම යන්නම යන දවසකත් ඔයාව මගේ හිතේ-
ගැඹුරින්ම හා තදින්ම සටහන් වෙලා තියේවි. මට ඔයාගේ හිනාව, ලස්සන ඇස්දෙක හැම වෙලාවකම මැවිලා පෙනෙනවා-
ඇහෙනවා. ඔයාගේ කෙස් රොද වල තිබුන සුවඳට මම ආදරෙයි. ඒ මතක මගේ හිතේ හැමදාම තියේවි මගේ බබා.
ඉතින් මේක අලුත් අවුරුදු උදාවට ඉස්සර දවස. මම හිතනවා ඔයා හොඳින් කියල. ඔයාට, අම්මට, හා තාත්තට මගේ ජිවිතේ යුෂත්-
ලැබිල දිර්ගයුෂ වෙන්න, නිරෝගී වෙන්න කියල පතනවා. හැමදාම මම ඔයා වෙනුවෙන් ඉන්නවා.
තෙරුවන් සරණයි. සුබ අලුත් අවුරුද්දක් ඔයාට.

No comments:

Post a Comment