Tuesday 10 July 2018

ආදර මතක.

මතකද ඔයා මට කිව්වා ඇයි අපි මුලින් හමුනොවුනේ කියල. එක ඇත්ත. ඇයි එහෙම නොවුනේ?
මතකද අපි නිදහස් චතුරශ්‍රය පැත්තේ ඇවිදපු විදිය? ඒ ඇතිතේ හරිම සුන්දරත්වයක් තියෙන්නේ බබා.
වෙන්වී ගියේ මම උනත්. අපි හිත්වල ආදරේ තිබුනේ නැද්ද බබා? මම සමහර වෙලාවලට වේදනාවෙන්-
කෑගැහුවේ ආදරේට මිසක් වෛරයකට නෙවේ. වෙන එකෙක් ඔයත් එක්ක කතා කලොත් මැරෙන්න්න තරහ අවේ වෛරෙකට නෙවේ.
වෙන එවුන් එෆ් බී එකෙන් මැසේජ් එකක් දැම්මම මම විකාරෙන් දැගලුවේ වෛරෙකට නෙවේ බබා. හිතේ තිබුන දේකට. එක හැමදාම තියේවි.
ඒ දවස් කොච්චර සුන්දරද. මම හැමදාම ඔයා එනකන් බලන් ඉඳපු හැටි.. මතකද එක දෙසැම්බර් මාසෙක අපි උදේට උදේට කතා කරපු හැටි.
මතකද මම ඔයා එක්ක මුලින්ම උදේ හතේ විතර ඉඳල කතා කර කර ඉන්න පටන් ගත්ත විදිය?
මතකද පළමු වරට ඔයා මත එක්ක තරහ වෙලා දවස් කිඉපයක් කතා නොකර හිටපු විදිය. මතකද මම ඩෙනිම් අදින්නේ නැහැ කිව්වම ඔයා-
මට ඒවා මේවා කියපු විදිය. වේදනාවක් ඒ වෙලාවලට දැනිල තිබුනත් ඒ ඔයානේ බබා. මට ඔය එක්ක වෛරයක් නැහැ. ඒ කලේ සුන්දරයි-
ඒ මතක හැමදාම මා සමගමයි. ඒවා මැකිලා යන එකක් නැහැ. මැකෙන්න දෙන්නෙත් නැහැ. එහෙම ඕනත් නැහැ.
මගේ මතක හැමදාම මගෙත් එක්ක තියේවි. දෙවිවරුන් නොවැන්දත් අපේ මතක මට පුජනියවේවි. හැමදාම මම ඒවා අතර ජිවත් වේවි-
හරියට මම උද්‍යානයක ඉන්නවා වගේ. ඒ උද්‍යානෙන් එලියට අවේ, ඒක වින්ස කලෙත් මම කියල මට කියයි. මට වැරදෙන්න ඇති. මම-
වැරැද්ද ගන්න ඇති. එත් මට හිතුන මම මගේ ලස්සනම වස්තුවක් රිද්දල රිද්දල දමයි කියල. මම වැරදි ඇති. මගේ තීරණේ වැරදි ඇති. එත් නපුරු කමකින්ම නවේ.-මට එහෙම හංවඩු ගහන්න එපා. මටත් ආදරේ තිබුන. මතකද අම්මත් එක්ක දවසක් දර්දන්චේ එකේ හිටපු හැටි බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ගිහින්?
මම හැමදාම ඔයාගේ මතක එක්ක ඉන්නවා. මට ඔයාව ගොඩක් මතක් වෙනවා. හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment