Tuesday 24 July 2018

හැමදාටම. හැමවෙලාවෙම.

කොහොමද ඉතින්. දුරින් හිටියත් මට නිතරම ඔයාව දැනෙනවා බබා.
හැමදාම මතක් වෙනවා. අද මම පැස්ටා එකක් කෑවා මට ඔයාව මතක් වෙලා-
ඇස්දෙක තෙමුනා. මතකද ඔයා චීස් පැස්ටා එකක් කනවා ඒ වෙලාවේම මම චීස් සැන්ඩ්විච් එකක්-
කනවා. මතකද ඊටපස්සේ ඉරබහින වෙලාවේ අපි දිය කඩයිමක ඇවිද්දා?
මතකද අත් අල්ලාගෙන අවිදගිය විදිය. ඔය සෙල්ෆිනම් කියක් ගත්තද.
අපි කොච්චර හිනා උනාද. ඒවගේම කඳුලුත් අවා ඇත්ත/ අවන්කවම කියන්නේ.
මතකද ගංවතුර සහනාදාර දෙන්න වතුර බෝතල් අරන් දුන්න? මගේ බබාට තෙරුවන් සරණම ලැබෙන්න ඕන-
හැමදාටම. හැමවෙලාවෙම.
මම නපූරු වෙන්න පුළුවන් රත්තරන්. එත් මට ඔයාගේ ආදරේ දැනුන. මටත් ආදරේ හිතුන.
මම ආදරේ කලා. හැමදාටම ආදරේ කරාවි ඒ විදියටම ඔයාට.
අපිට හැමදාම දුක උරුම වෙන එකකුත් නැහැ. රත්තරන්. මම අයෙත් ඒවි ඔයාව හොයාගෙන.
අනේ මම ඒ එනකොට නරක මිනිහෙක් නෙවේ. මම ඔයාගේ තුරුලට දුවයි.
මම අදත් ඔයගැන හිත හිත මුළු රෑම ඉන්නම්. හොඳින් ඉන්න බබා.
මම හැමදාම හැමවෙලාවෙම ඔයගැන හිතනවා. කොහේ හිටියත් ඉන්නවා ඔයා වෙනුවෙන්.
බනිවි ඔයා. කමක් නැහැ. මම තවමත් ඔයාට....

No comments:

Post a Comment