Friday 13 July 2018

මට ඔබ හැමදාම.

ඔයා හොඳින් කියල හිතනවා බබා. අපිට කඳුළු හැමදාමත් උරුම වෙන එකක් නැහැ.
ඔයාට විශේෂයෙන්ම. ඔයාට මව අමතක වෙයි. අමතක කරයි. කෙනෙක් ලැබෙයි.
මම තරහ නැහැ රත්තරන්. ආදරේට පයින් ගහපු මිනිහෙක්ට එහෙම වෙන්න ඕන.
එහෙම වෙන එකයි සාධාරනෙත් පොදු දර්මතාවයත්, වියයුතු දෙයත්.
ඔයාට රිද්දල පන්නල දාල මම ජොලියේ ඉන්ටෙර්නෙට් එකේ කතා ලියනවා නෙවේ බබා.
මටත් දැනුන වේදනාව. මගේ වේදනාව වගේම. හැමදාම ඔයා දුකින් ඉන්නවා කියල හිතිලා දැනුනු වේදනාව.
මම නපුරු උනා අසාදාරන උන නෙවේ බබා. මටත් ඔයාගේ ආදරේ දැනුන. මම නපුරු මිනිහෙක්. එත් ඔයාගේ ආදරේට මටත් ආදරේ හිතුන.
ඔයාව රිද්දවන්න මම අව නෙවේ. අපි මේකත් හමුවීමක් බබා. අපි හමු වෙන්න හේතුවක් ඇති. නිකන්ම හේතුවක් නෙවේ.
නිකන්ම අමතක කරලා අතහැරලා දාන්න නම් අපි හමු උනේ. හෝ මම හමු උනේ මගේ හිතේ මෙහෙම වේදනාවක් තියෙන්න විදියක් නැහැ.
එහෙමනම් මම මෙහෙම දුකින් ඉන්නෙත් නැහැ. ඔයාව මතක් කරන්නෙත් නැහැ මෙච්චර. එත් මට ඔයාව නිතරම මගේ ඔලුව ඇතුලේ.
හැම වෙලාවකම මතක් වෙනවා. ඔයා මව අමතක කරලා වෙන් වෙලා වගේ මට දැනෙනවා. ඒකට තරහ නැහැ. දුකයි. එත් එක හරි.
හැබැයි මට කවදාවත් බබා ඔයාව අමතක වෙන්නෙත් නැහැ. අමතක කරන්නෙත් නැහැ.
හැමදාම මගේ හිත ඔයාගේ ලගින් තියේවි. එක හැමදාම ඔය වෙනුවෙන් ගැසේවි. අපි යම් දිනක හමුවෙවියි නිතර හිතාවි.
ඒ ප්‍රාර්ථනාව මුළු ජීවිතේම දරාගෙන ඉඳීවි. මෘගයෙක්ගේ චරිතෙත් ලෙහෙසි නැහැ බබා. එකෙත් වේදනාව කියන දේ තියෙනවා.
මම ඒ මෘග මිනිසා. එත් මටත් ආදරේ දුක වේදනාව දැනෙනවා. මම ගලක් නෙවේ. මම  හිතනවා. මව අමතක කලාට තරහ නැහැ සුදු. හොඳින් ඉන්න.

No comments:

Post a Comment