Thursday 26 July 2018

ජුලි පෝය දිනය.

අද පෝය දවසක්. ඔයා අම්ම එක්ක පන්සල් යාවි.
අපිට පන්සලකට යන්න බැරි උනා. එත් බබා අපි පිනුත් කරගත්ත. මතකද අපි දෙන්න  දුන්න-
බොහෝ වෙලාවට කවුරුහරි  අසරණයෙක්ට. පිනක් උනානම් ඒවා ඔයාටම ලැබේවා.
හැමදාම වගේම ඔයාව මට මතක් වෙනවා. අද අපි හිටියනම් අපි  කරයිද? අත් අල්ලාගෙන පාරේ අවිදිවී.
 ඔලුවෙන් අමතකවේවි.  සැහැල්ලුවක් අපිට දැනේවි.
මම උදෙන්ම ඔයාව හොයාගෙන දුවගෙන ඒවි. සමහරවිට බැනගනිවී අඩාවි.
හැම වෙලාවේම වගේම ඔයා අද උදෙත් මට මතක් වෙනවා.
මම හිතනවා ඔයා හොඳින් කියල. මම පතනවා ඔයා හොඳින් ඉන්න කියල.
මට ඔයාව නොපෙනුනත්. මම හැමදාම බලන් ඉන්නවා. මම කොහෙන් හරි දුරක හරි-
ඔයාව බලල යයි. මම කරදර නැහැ බබා. දුක් දෙන්න ඇස්දෙක ඉස්සරහටවත් මගේ මේ ආත්මේ අයේ ගෙනෙන්නේ නැහැ.
ඔයාට මම දුක් දුන්න ගොඩක්. යේ දුකක් වෙන්නේ නැහැ.වෙන්නේ නැහැ.
කවදාහරි කොහෙහරි වෙනම කාලයක තැනක මම ඔයා ලඟට දුවගෙන ඒවි හොඳ මිනිහෙක් වෙලා.
ඔයා මාව තුරුළු කරගනිවිද? කම්මුල ආදරෙන් ඉබිවිද?
හොඳින් ඉන්න බබා.  සරණයි.


No comments:

Post a Comment