Wednesday 4 July 2018

කෙදිනක හෝ

වේලාවෙන් වෙලාවට මතක් වෙයි නිරන්තරෙන් කවදා හෝ කෙදිනක හෝ අපි හමු වේවි-
කෙදිනකහෝ. එතෙක් එමකල් එනතුරු ඉන්නම් අමතකවී වී ගිය ඒ අතීතයේ.
අප අත්වැල් බැඳගෙන පියමැනි වසන්ත සමයේ.
මතකද ඔබ හමුවූ පළමු දිනේ මන්සලකදී නගරයේ. එය මන්සලකිය අප සිත් තුල සමදිනටම.
අපි තෙපලු වදන් ඇසෙයි අදත් අතීතයෙන් ඇවිත් අදවාගේ  හැමදාටම.
මතකද මැනි පියවර දහස් ගණන් මාවත් ඔස්සේ ඒ නගරේ.
බබා ඔයා හොඳින් කියල හිතනවා. අපි දෙදෙනාම ඉන්නේ දුකකින්.
අපිට කාලයකුත් ඒවි. මට කවදාවත් කිසිවක් අමතක නැහැ. මට දුන්න පොරොන්දු කීපයක් තියෙනවා ඒවා කඩන්න නම් එපා.
කවදාවත්. මම හැමදාම ඒක විතරයි ඉල්ලන්නේ. මම ඔයාගේ දෑස මානයකටවත් එන්නේ නැහැ අයෙත්. ඔයාට කරදරයක් දුකක් දෙන්න.
එත් යම් කලෙක යම් දිනයක මම ආයෙත් දුවගෙන ඒවි ඔය තුරුලට. මට දඩුවම් දී පන්නන්න. නැවත කාලෙක ආයෙත් එන්නම් ඒවා ගෙවා දමා.
මට නිතර මතක් වෙනවා. හොඳින් ඉන්න හැමදාම.

No comments:

Post a Comment