Friday 20 July 2018

ඔබ ගැන සිතමින් රෑ පුරා.

ඔයා අද ගෙදර ඇත්තේ. වෙහෙසකර සතියක් වෙන්න ඕන.
මම හැමවෙලාවෙම අහන්නේ ඔයා හොඳින්ද කියල බබා විහිලුවකට නෙවේ.
හිතෙන්ම නිතර හිතෙන දෙයක්. මට නිතර ඔයාව මතක් වෙනවා.
ඔයා සමහරවිට හිතනවා ඇත්තේ ඔයාගෙන් දුරස් වෙච්ච දවසේ ඉඳල මම හොඳින් ඇති කියල.
එත් මම එහෙම හිටියේ නැහැ. මමත් ගොඩක් ඔයගැන හිත හිත ඉන්නේ. හිටියෙත්
හැම මොහොතකම ඔයාව හිතට එනවා. ඔයා හිතන් ඉන්න ඇත්තේ මම ඔයාව අමතක කරලා-
සැපෙන් ඉන්නවා ඇති කියල. ආදරේට පයින් ගහල සැපෙන් ඉන්න මිනිස්සු ඇති එත් මට එහෙම හැගීමක් ආවේ නැහැ.
එහෙම හැගීමක් ඇතිවෙන එකකුත් නැහැ. හදම මගේ ඇතුලේ, මගේ සිරුරේම ඔයා වෙනුවෙන් ආදරේ තියේවි බබා.
ඔයා නොදැක්කත් ලෝකෙම නොදැක්කත් ලෝකෙම මට විරුද්ද උනත්. මට වැරදිලා තිබුනත්.
කොහේ හිටියත් මම ඔයා වෙනුවෙන් ඉන්නේ. මට ඔයා හොඳින් ඉන්න ඕන.
මේ හැම විනාඩියකම මට ඔයාව මතක් වෙනවා. ඔයා මෙතනින් එහාට මට කොච්චර පිටුපාවිද, වෛර කරාවිද, කරයිද-
ඒවා මම ඔයාට වෛරයක්නම් නැහැ. මම තවමත් ඔයගැන හිතනවා. කොච්චර මාව එපා වුනත් මට කවදාවත් ඔයාව එපාවෙලා නැහැ.වෙන්නෙත් නැහැ.
මට අපි ගෙවපු හැම විනාඩියක්ම හිතේ තියෙනවා. මම හැමදාම ඔයාට .....................

No comments:

Post a Comment