Wednesday 11 July 2018

සිතතුළ හැමවෙලාවකම ඔයා ඉන්නවා.

හැමදාම ඔයාව මතක් වෙනවා බබා. හැමදාම. මම දන්නවා, මට දැනෙනවා-
මම ඔයාගේ හිතේ නැහැ කියල දැන්. එක මටත් දුකක් උනත් මට එහෙම වෙලා මදි.
මම දුක් විඳින එක ගැන දුක් වෙන්න දෙයක් නැහැ බබා. කවදාහරි මේවා කියෙව්වොත් තේරුම් ගන්න තියෙන්නේ මම-
ඔයාව අමතක කරලා දැම්මේ නැහැ කියන එකයි. මට ඔයාට කරදර කරන්න ඕන නැහැ දෙය්යනේ.
එත් මට රිද්දන්න ඕනත් නැහැ. මට තවම ඔයාගේ කඳුළු මතකයි. ඒ මතක එනකොට මගේ ඇස්දෙක තෙත්වෙන්නේ නිකන්ම වගේ බබා-
හැමදාම වැරදුනත් අපිට හරියන කාලෙකුත් තියේවි මොන ජිවිතේක හරි. මට ඔයාව නිතර මතක් වෙනවා.
මතක් උනා මම ඔයාගෙන් ඔයාගේ පරිගණක දැනුම ගැන අසගත්ත හැටි. මට අද මතක් උනා ඔයා-
නට පේජ් එකක් හදන්න ඉදිරිපත් උන විදිය. මම තවම ඔයාගේ ගැන හිතනවා. මට ඔයාව පෙනෙන්නේ නැහැ රත්තරන්. එත් ඇස්දෙක වැහුවොත්-
ඔයා එතන ඉන්නවා. මට තවම ඔයා මගේ හිතේ ඉන්නවා. ඒ හිතේ ඉන්න ඔයා කවදාවත් යන්නේ නැහැ. යවගන්නෙත් නැහැ. යන්න දෙන්නෙත් නැහැ-
කවදාහරි ලෝකෙක කොහේදී හරි අපි හමුවෙනකන්. මම හුගක් හිතේ දුකෙන් තමා ඔයාවගේම.
මට ඔයාගේ දුක දැනෙනවා බබා. නිකන් ගලක් නෙවේ මම. මට හැමවෙලාවෙම ඔයාව දැනෙනවා.
අපි හමු උනේ නිකන් නෙවේ බබා. සංසර හේතුවක් ඇති. එත් මම නරක මිනිහෙක්.
අපේ ලේවර්ගේත් එකමයි. අපි හමු උනේ වරදකින්ද? නින්ද ගියේ නැහැ. එත් ඔයා ඇස්වහන හැමවෙල්වේම පෙනෙනවා.

No comments:

Post a Comment