Sunday 29 July 2018

මතකයේ හැමදාම ඔබ ඉන්නවා.

මට දැනෙනවා ඔයාට දැන් මාව අමතකයි කියල. ඒකට මම තරහ නැහැ
මම දන්නවා ඔයා එක වේදනාවට කරපු දෙයක් කියල බබා.
ටොරින්ටන් හරහා ගියා මම අද ඔයගැන මතකය ඔලුව පුරාම පුරෝගෙන.
මෙතන කොච්චර අපේ හිනහව, සතුට, උපේක්ෂාව, වගේම දුකත් රැදිලා තියෙන්න ඇතිද?
මතකද ඔයයි මමයි වැඩිවෙලා හිටපු ලොවි ගහක් එක්ක තිබුන ලොකු සිමෙන්තිගැට්ට?
එතනට මම ගියා අද. මම මගේ මතක ලෝකේ අවිදින්නම් බබා. අමතක කලට තරහ නැහැ.
දුක නැහැ කියල කියන්නේ නැහැ. මට දුකයි ඔයාගේ මතකයෙනුත් මම වියැකිලා ගිය එකට. එත් ඔයා වේදනාව අඩුකරගත්ත කියල-
හිතල මම ඉන්නම්. එත් මගේ මතක ලෝකේ හැමදාම ඔයා ඉඳීවි හැමදාටම.
මම පාඩම් කරන්නත් උත්සහ කරනවා බබා. මට මතකයි ඔයා මව දිරිගන්වපු හැටි. හැම තැනකම හැම මතකෙකම ඔයා ඉන්නවා.-
ඔයාගේ මතක තුරුල් කරගෙන මම ජිවිතේ ගෙවන්නම්. යම්දිනක මම ඒවි ඔයාව හොයාගෙන.
මම දන්නවා ඒ කලේ මට ලේසි වෙනෙකක් නැහැ. මම කරපු ඒවා වින්දවාවී. මමත් පැරදේවි එත් මම ආයෙත් ඒවි ඔයාව හොයාගෙන.
තුරුනුවන් සරණයි. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment