Thursday 5 July 2018

හමු වෙවී

ඔයා හොඳින්ද? ගිරවෙක් වගේ අහනවා කියල යම් දිනක බනිවි. දැක්කම. එත් මම ඒක-
හැම වෙලාවකම හිතනවා. නිතර අපේ අතීතය මතක් වෙනවා. මොකද මම එතනයි දැන් ජිවත් වෙන්නේ.
අපිට වැරදෙන්න ඇත්තේ මම නිසා. එත් මගේ ඉතට දැනුන කිසිවක් බොරු නෙවේ කියල හැම වෙලාවකම-
මගේ හිත මටම කියනවා. මම දනනවා දැනෙනවා ඔයාගේ වේදනාව. ඒ වේදනාවේ අමාරුව මටත් දැනෙනවා.
ඔයා විඳින වේදනා මට දැනෙනවා. අපි නොදන්නවා උනත් අපේ යම් සම්බන්ද කමක් තියෙනවා බබා. ලේවර්ගයත් එකයි අපි දෙන්නගේ.
අපි හමු උනේ වැරදීමකින් නෙවේ. අපිට වැරදුනා වෙන්න පුළුවන්. එත් වැරදුනේ නැති ඒවා මොනවද තියෙන්නේ?
මම දන්නවා සංසාරේ අපි ගොඩක් හමු වෙලා ඇති. එත් ඇයි මම මේ මිනිහා උනේ මේ භවයේ? මටම දුකයි.
එත් නැවත නැවත මම ඔයාව හමු වේවි බබා. මගේ හිතේ ගොඩක් ඔයාව තියෙනවා. ඔයා මගේ හිතේ ඉන්නවා.
මම දන්නවා දැන් මාව ගොඩක් අමතක වෙලා හෝ අමතක කරලා කියල. මම දන්නවා වේදනාව අඩුකරගන්න ඔයාට වෙන විකල්පයක්-
නැහැ කියල. මම එකට තරහ නැහැ රත්තරන්. එත් ඒ අතීතයක අපි අත් අල්ලාගෙන ඇවිදපු පාරවල් වල අදත් මම අපි යන දිහාව බලන් ඉන්නවා.
අපි යලි හමු වේවි බබා. මටත් අයෙත් දවසක් ඒවි ඔය වෙතට දුවගෙන එන්න.

No comments:

Post a Comment