Monday 9 July 2018

දවස් කීපයකට පස්සේ.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මම පහුගිය දින කීපයේ ලියන්න බැරි උනේ මගේ ඉටෙර්නෙට් කනෙක්ෂන්  ප්‍රශ්නයක් නිසා.-
ටිකක් අසනිපෙනුත් හිටිය. දැන් හොඳයි. ඉන්ටෙර්නෙට් අවා. එත් වැඩ කලේ නැහැ. මට නිතර හිතට එනවා ඔයාව.
මම හිතනවා ඔයාට මව අමතකයි කියල දැන්. එත් මගේ කිසිම හිතේ තරහක් නැහැ බබා. අමතක කලාට කමක් නැහැ.
මම ඔයාව කවදාවත් අමතක කරන්නේ නැහැ. නරක මිනිහෙක් විදියට ඇයි මම නරකනම් මෙච්චර දුකකුත්. මම මටම ලකුණු දාගන්නවා නෙවේ.
මට එහෙම කරන්න ඕන නැහැ. හැමදාම ඔයාව මතක් වෙනවා. හැම වෙලාවකම. මට දැනෙනවා මම දැන් ඔයාගේ හිතේ නැහැ කියල.
දුකත් දැනුනත් වෛරයක් නැහැ රත්තරන් ඔයා ගැන. මට ඔයාට වෛර කරන්න දෙයකුත් නැහැ. ඔයා එහෙම දෙයක් කලේ නැහැ කවදාවත්. සමර ඒවාට මම රණ්ඩු උනාට. රැඳු උනේ ආදරේට මගේ හිතේ තිබුන. එක ඔයාද ඇතුළුව හැමෝම කියයි බොරු ආදරේ කියල. කමක් නැහැ. මට දැනුනේ මොකක්ද? නිකන් ආශාවක්නම් නෙවේ. කමක් නැහැ. මට ඒ විදියට කිව්වට මම තරහ නැහැ. මතකද අපි ඔඩෙල් එකේ සුෂී කාපු විදිය. ඒ අපේ රත්තරන් අතීතේ. මම ජිවත් වෙන්නෙත් එහෙ. ඔයාට අමතක වෙච්ච කාලේ. එහෙම අමතක කරන්න වෙන විදියට නපුරු උනේ මම. මතකද මේ කාලේ මම ඔයාට පොඩි පළතුරක් ගෙනත් දුන්න අපේ ගෙදර වැවෙන? මම ඒව තවම හිතනවා. ඔයා හොඳින් නම් එච්චරයි බබා. මම මගේ දෙයක් පතනවානම් ඔයාට හොඳක් විතරයි පතන්නේ.
හොඳින් ඉන්න. නපුරෙක් මෘගයෙක් උනත් ආදරේ දැනෙන්න පුළුවන් විදියේ හිතක් තියෙන්න පුළුවන් බබා. ඔයා මෘගයෙක්ටත් ආදරෙන් ආදරේ කරපු මම ජීවිතේටම දැකපු ලස්සනම, හොඳම චරිතය. හොඳින් ඉන්න.

No comments:

Post a Comment