Sunday 15 July 2018

ලස්සනම මතක

මම හිතනවා මතකයෙන් ඈත් වුනු මම ගැන ඔබේ හිතේ මිකුත්ම නැහැ කියල බබා.
හැමදාම මම දුකෙන් ඉන්නම්. එත් මට ඕන නැහැ ඔය දුක් විඳිනවා බලන්න. මාව අමතක කලාට,-
කරනවට මම තුන් හිතකවත් තරහක් නැහැ. අපි කෝල් එකක් එනකන් මග බලාගෙන උන්න කාලය මතකද?
කතා කරන්න පරක්කු උනොත් පිස්සුවෙන් දගලපු කාලය මතකද? උදෙන්ම නැගිටලා අපේ හිතේ තිබුන ලස්සනම අදහසක් -
කනට කොදුරපු විදිය මතකද? ඔයාව ගෙදර ලඟට එක්කගෙන ගියාම මගේ මුහුණ ඉම්බ මතකද?
මතකද මම ඔයාගේ නළල ඉඹල යන්නම් කියල යන්නේ. යේ සති කීපයකින් එනකන්. ඒ සති කීපයේ මම ඉන්නේ පිස්සුවෙන්.
ඕනෑම විදියකට බනින්න. බොරු කියල කියන්න. මට ආදරේ තිබුනේ නැහැ කියන්න.
එත් මම ඔයාට ආදරේ කලා. හැමදාටම ආදරේ කරාවි. මට ඔයාව නිතරව මතක් වෙනවා. නිතරම කොච්චරද කියනවනම්-
හැම වෙලාවකම. මම දන්නවා ආදරේ වේදනාව, සතුට හැමදේම. මට දැනෙනවා, දැනුන ඔයාගේ වේදනාව.
ඔයාගේ සතුට දිහා බලල මම අනන්තවත් සතුටුවෙලා තියෙනවා.
මගේ ජිවිතේ ලස්සනම මතක ඔයා. හොඳින් ඉන්න රත්තරන්.

No comments:

Post a Comment