Saturday 8 September 2018

අසුවේ කඩේ (80 කඩේ.)

කොළඹ අවා. ඔයාව මතක් උනා. දැක්කා නුගේගොඩ අපි ශෝපින්ග් ගිය-
කඩසාප්පු. ඉතින් මතක් උනා අපි අත් අල්ලාගෙන ඇවිදපු හැටි. හිතනවා ඔයා-
හොඳින් කියල බබා. නුගේගොඩ අපේ මතක ගොඩක් තියෙන තැනක්.
මට දැනෙනවා දැන් මම ගැන මතක ඔයාට ඇත්තෙම නැහැ කියල.
චෝදනා කරනවා නෙවේ. එත් එහෙම හිතෙනවා. මතකද කොල්ලුපිටිය පුරාම ඇවිදලා-
ෆිෂ් මාර්කට් එකේ කෑම කන්න ගියා? මතකද අපිට යන්න බැරිඋන ඔයාගේ ක්ලාස් එක ළඟ තිබුණු අසුවේ-
බත් කඩේ. මතකයි ඔයා කියනවා එකේ කෑම ගොඩක් රසයි කියල.
ඔයාගේ ගෙදර අයත් හොඳින් කියල හිතනවා. මම තරහ නැහැ. මට ඔයත් එක්ක තරහ වෙන්න දෙයක්-
ඔයා කරලා නැහැ. එත් මට ඔයාව දැන් පෙනෙන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ. එහෙම කලේ මට රිද්දවන්න වෙන්නත් පුළුවන්,-
හෝ ඔයාගේ දුක අඩුකරගන්න. එහෙමත් නැතිනම් ඒ දෙකම. එකේ මොකක් උනත් මට ඔයාව නිතර මතක් වෙනවා, වේවි-
ඔයාගේ ලෝකෙන් මාව පන්නලම දාපු දවසටත්. හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment