Wednesday 19 September 2018

අයෙත් ලියාවි

මම හිතනවා බබා ඔයා හොඳින් කියල. දුක ඇති. මම දන්නවා.
එත් මමත් එහෙමමයි. ආදරණීයම චරිතය වෙලා ඉඳල හැරිලාවත් බලන්න-
බැරිවෙන විදියේ, ඔයාට මුහුණ වත් බලන්න බැරි වෙන විදියේ මේ තත්වෙට ආව මගේ ගමන-
ඒ තරම් සරලත් නැහැ. ඒක ලේසිත් නැහැ. ලස්සනත් නැහැ. මට හොඳටම දැනුනේ මට ඕන උනේ-
ඔයාට ආදරේ කරන්න. ඔයාට මාව නොදැක ඉන්න එක හොඳ කියල හිතෙනකන් මම හිටිය. වචනයක් කියන්නෙවත්-
නැහැ බබා. කැමති විදියට රිද්දවන්න. මම තරහ නැහැ. මට ලැබෙන වේදනාවම දඩුවමකුත් වෙනවා ඇති.
හැබැයි මමත් ඔයා හිනාවෙනවා බලල සතුටු වෙච්ච කෙනෙක්. ඔයා අඬත්දී දුකෙන් අන්දපු කෙනෙක්. මම-
දන්නවා මාව දරාගෙන ඉන්න අමාරුයි. මම හිටි තැනක ගිය පාරක තියෙන්නේ දුක විතරයි. ඔයා මට ආදරේ කලා.
මම දන්නවා. එක දැනුන. ඔයා නැහැයි කියල කැගහුවත් මමත් ඔයාට හැමදාම ආදරෙයි. එදත් අදත්.
එත් දැන් නම් ඔයාට මාව වැඩකට ඇත්තෙම නැහැ මම දන්නවා. ඒකනිසා වෙන්න ඇති මට දැන් ඔයාව පෙනෙන්නේවත් නැත්තේ.
කමක් නැහැ. මම අනන්තවත් ඔයාට කතා කරන්න හිතුව. එත් අයෙත් මට බහ බබා ඔයා අඬන විදිය බලන්න.
ඉතින් මම නිහඩව හිටියනම් එකයි හේතුව. එකට වෛරකරන්න එපා. කලත් මම දන්නවා ඒක කොච්චර සදාරණද ඔයාගේ පැත්තෙන් කියල.
සතුට දැනෙන්න ඔයාට, ඔයා හිනාවෙනවා බලන්න අසා නොකරපු මිනිහෙක් නෙවේ මම. මට මගේ ඒ මතක හැමදාම තියෙනවා.
මම හැමදාම ඔයාව මතක් කරනවා බබා. ඉතින් මම හිතනවා මාව අමතක කරන්න දැන් ගොඩක් හේතු ඇති කියල.
ඒවා ගැන මම ඔයාට වචනකින් වත් අහිතක් නරකක් කියන්නේ නැහැ. මට කියන්න ඕන ඔයාගේ ලෝකේ මම නැති උනත් මම මගේ ලෝකේ ඔයගැන ගොඩක් හිතුව කියල. හොඳින් ඉන්න. මට නිතර මතක් වෙනවා කියල කියන්න ඕන. අයෙත් ලියාවි.

No comments:

Post a Comment