Tuesday 11 September 2018

your path

මම හිතනවා ඔයා ඔක්කොම අමතක කරන පාරේ දැන් ගොඩක් දුර ගිහින් කියල.
ඒක ගැන මගේ තරහක් නැහැ. දුකක් තිබුනත්. මම කියන්නේ නැහැ වේදනා විඳ විඳ ඉන්න කියල.
ඔයා හැමදේම අමතක කරලා දැම්ම උනත් මම හැමදේම මතක තියන් ඉන්නම්.
අපේ හැම මතකයක්ම. ඔයාට මේක අඳුරු කාලයක් උනත්. මම දනනව.
කිසිම තරහක් නැහැ. එත් ඔය තරම් ලේසියෙන් මට ඔයාව අමතක වෙන්නේ නැහැ.
අමතක කරන්නෙත් නැහැ. අපේ අතීතේ හැමදේම ලස්සනම මතක.
පලිගන්නවනම් පලිගත්තත්. වෛරකරනවානම් එහෙම කලත් මම තරහ නැහැ.
අමතක කරන්න ඕනනම් කරන්න. මම තරහ නැහැ. ගහන්න පුළුවන් හැම ගලකින්ම දමල ගහන්න කියල මම කියන්නේ.
මට ඔයාට වෛර කරන්නත් බැහැ එහෙම කරන්න ඕනත් නැහැ. මම එහෙම කරලත් නැහැ.
අපි එකට උන්න කාලේදී උනත් මම තරහ අනන්තවත් අරන් ඇති. එත් වෛරයකින් හිටියේ නැහැ.
ආදරේ කරන්න හේතුවක් හොයාගත්ත මිසක්. ඉතින් ඔයාට මාව අමතක කරන්න වේදනාවට අමතර හේතුවක් උනත් තියෙන්න පුළුවන්.
මම ඒ ගැන නොහිතුව නෙවේ. මම කරන්නේ චෝදනාවක් හෝ පටු අදහසක් කීමක් නෙවේ. එත් ඔයාට හොඳ විදියක් කරන්න.
මම ඔයා ගැන හැමදාම හිතනවා. මතක් කරනවා. හොඳින් ඉන්න. මම හිතන්නේ පහුගිය මාසේ ඔයාගේ ස්කුල් පැරඩ් එක තිබුන මාසේ.
මට වරදින්නත් පුළුවන්. එත් එහෙම මතකයි. ආයෙත් ලියන්නම්. හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment