Saturday 22 September 2018

more than the rain drops.

ඔයා  හොඳින් කියල හිතනවා බබා. මතක නැතුව ඇති මම දැන්.
එත් මට ඔයාගේ මතකය අමතක කරන්න බැහැ. කරන්නෙත් නැහැ.
එහෙම කරන්න උවමනාවක් නැහැ. මට ඔයාව නිතර මතක් වෙන්නේ නිකන් කියලද හිතන්නේ?
ඔයාව නැතිව හිටි විනාඩියකදිත් මට පිස්සු හැදුනේ නිකන් වෙන්න ඇති කියලද හිතන්නේ?
නැහැ මම නම් හිතන්නේ බබා එකට හේතුව දන්නේ මම කියල. මම දන්නවා මට වැරදුන.
එත් මම ඔයාට ආදරේ කළෙම නැද්ද? කමක් නැහැ කොච්චර නැහැ කියල ඔයා කිව්වත්. එත් මම දන්නව -
මගේ හිතේ ඇතුලේ තියෙන දේ. ඉතින් ඔයා මගේ දෑස මානයෙනුත් ඉවත්වෙලා යාවි.
කොහොම උනත් මගේ හිතේ ඔයාව හැමදාම තියේවි හැමදාම වගේම ඒ ලස්සනම හැගීමෙන්.
හිස ඇතුලේ ඔයාගේ මතක පිරිලා තියේවි දෝර ගලන්න. විටින් විට ඔයාව මතක් වේවි, මහවැසි වල-
වැටුණු වැසි බින්දු පරදින්න. ඒ හැමදේම එහෙම උනත් මම ඔයාගේ හිත එලිපත්තෙවත්, මානෙකවත්- නැහැ
කියල මට දැනෙනවා. එත් තරහ නැහැ. මම හිතනවා ඔයා කොහේ හිටියත් හොඳින් ඇති කියල.
තරහක් නැහැ බබා කවදාවත්. ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment