Tuesday 25 September 2018

tonight

මම හිතනවා බබා ඔයා සම්පුර්ණයෙන්ම හැමදේම අමතක කරලා ඇති,
ඔයා හිතපු විදියටම. ඉතින් වේදනාව එහෙම  නැහැ.  වැරදි කියන්න බැහැ.
ඔයා අමතක කලාට මට කිසිවක් අමතක නැහැ. මම ඒවා හැමදාම හිත ඇතුලේ-
තියාගෙන ඉන්නම්. මේක ලියන්නේ ගොඩක් රෑ වෙලා. ඒ දවස් වලනම් චැට් කරලා-
ඉවරවෙලා අපි නිදියන්නත් ලෑස්ති වෙලා. ඒ කාලේ කොච්චරනම් නවුම්ද?
මතකද සෙනසුරාදා හවසට වෝක් කරපු විදිය. ඒ කලේ පහුවෙලා ගියත් ඒ මතක මගේ ළඟ.
මට ඔයාව නොපෙනුනත් මට ඔයාව හිතේ රුපයක් ඇඳිලා තියෙනවා. මට හැමදාම-
මගේ මතක තියේවි. ඔයා හොඳින් ඉන්නවා කියල හිතනවා. මම පතන්නෙත් එහෙමයි.
දුක නැතුව නෙවේ. එත් මම දන්නවා කිසිම දෙයක් ඔයාට පහසුත් නැහැ කියල.
හැමදාම උදේට ඔයාගෙන් කෝල් එකක් එනකන් බලන් හිටිය මතකයි තවමත්.
නමුත් දැන් මට ඔයාව ඇහෙන්නෙත් නැහැ පෙනෙන්නෙත් නැහැ. හිතේ තියෙන ඔයාගේ රූප ටික හැමදාම-
තියෙනවා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment