Saturday 15 September 2018

සෙනසුරාදාව.

මතකද වැඩකරන තැන තියෙන සේපාලිකා මල් ගැන මම කිව්වා ඔයාට?
මතකද නිල් මානෙල්? හැමදෙගැනම අපි කතා කලා ගොඩක් වෙලා.
මතක නැතිව ඇති. එත් තරහ නැහැ. අද ඔයාට නිවාඩු ඇති.
ඔයාට මතක නැති හෝ අමතක කල කාලේ මට හැමදාම මතක තියේවි.
එකට කෑම කාපු විදිය. එහේ මෙහේ ඇවිද ඇවිද. මතකද දිය කඩයිම ළඟ-
හවසට ඇවිදපු විදිය? ඔයාව මට පෙනෙන්නේ නැහැ. සමහර විට ඔයාට කව්රුහරි-
කිව්වා වෙන්නත් පුළුවන්. කමක් නැහැ එහෙම කලාට. හැබැයි මට ඔයාගේ සාර්ථකත්වය-
දැකල ඉරිසියාව වෛරය නම් ඇති වෙන්නේ නැහැ කවදාවත්. මම බදා කරන්නෙත් නැහැ.
එහෙම හිතුවනම් අන්න ඔයා වැරදි. මම ඔයාට හොඳ කරන්න මිසක් නරක කරන්න කවදාවත්-
උත්සහ කලේ නැහැ. ගෙදර අය හොඳින් ඇති කියල හිතනවා. එහෙම පතනවා.
හැමදාම ඔයාව මතක් වෙනවා. නිතරම. ඔෆිස් එක ලඟට මම ආව මුල්ම දවස මතකද?
ඔයා කතා නොකලාම පිස්සු හදුනා මතකද? රණ්ඩු උනා මතකද?
තරහින් රණ්ඩු උනේ වෛරයකට නෙවේ. එකම හේතුවයි තිබුනේ.
ඉතින් ඔයා හොඳින් කියල හිතනවා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment