Thursday 20 September 2018

thursday

මම හිතනවා ඔයා හොඳින් කියල. මම දන්නේ නැහැ ඔයා මේවා කියවයිද කවදාහරි දැනගත්තත් කියලත්.
ඒ කොහොම උනත් මම ඔයාව හැමදාම මතක් කලා කියල මේ ලියපුවා ඒවා කියාවි.
අමතක කලානම් මම මෙහෙම ලියන්නේ නැහැ. මතක් නොවෙනවානම් මෙහෙම ලියන්නෙත් නැහැ.
වෙනදනම් මේ අපි නිදියන්න යන වෙලාව. නැතිනම් ඔයාගේ අම්ම නිදියගන්න කියල ඔයාට කියවන්න-
පටන් ගන්න වෙලාව. මට ඉතින් ඔයාව මේ වෙලාවට විතරක් නෙවේ හැම වෙලාවේම මතක් වෙනවා.
සිකුරාදාට මතකද? හෙට සිකුරාදා.
උදේ කතා කරලා වැඩ ඉවර කරලා ඉක්මනින්ම කොළඹ දුවන්න මම බලන් ඉන්නේ.
මතකද එහෙන් මෙහෙන් වේගෙන් ඇවිත් කෙලින්ම කොඹට මම එන හැටි. මතකද ඔෆිස් එකට ඇවිත්-
යන හැටි. ඉතින් අදත් ඔයාව ගොඩක් මතක් කරලා කරලා ඉන්නවා. හොඳින් ඉන්න බබා. හැමදාම-
හැමදේම මට මතකයි. ඔයා අමතක කලත්. ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment