Sunday 23 September 2018

midnight.

මම හිතනවා හැමදේම දැන් අමතක වෙලා ගිහින් ඇති කියල.
දන්නවා වරක් එපානම් දහස් වරක් එපා කියන මාවතේ ඔයා ගොඩක් දුර ගිහින් කියල.
දුරස් උනත්, වෙන් උනත් මම තවමත් එක තැනකම ඉන්නවා. ඔයාගේ මතක-
හිත උතුරලා යනවා. නොදකිම, නොදනිම අමතක කරගැනීමට පහසුවක් වෙන්න ඕන.
එත් මම නම් ඔයාව අමතක කරන්නේ   එහෙම කරන්න උවමනාවකුත් නැහැ.
මම එහෙම කරන්නෙත් නැහැ. මට ඔයාගේ ඉස්සරහ මගේ චරිතේ සුද්ද කරගන්න ඕනත් නැහැ.
ඔයා හොඳින් නම් සතුටෙන්නම් කමක් නැහැ. මට ඔයාව හැමදාටම මතකයි. නිහඬ වෙලා ඉන්නේ-
මමනම් ඔයාව අමතක කරපු නිසා නෙවේ. තවත් දුක් දෙන්න අකමැති නිසයි. ඔයාට සතුටුයිනම්,-
වේදනාව අඩුවෙනවනම් මාව අමතක කලා කියල මම තරහ නැහැ බබා. හොඳින් ඉන්න.

No comments:

Post a Comment