Thursday 13 September 2018

විසිකළ මතක

බබා ඔයාට මතකද මට පොත් ගන්න ඔයා ගියා? මතකද?
මම හිතනවා ඔයා හොඳින් කියල බබා. මට ඔයාව නිතර මතක් වෙනවා.
මතකද ඊටපස්සේ මම දවසක් ඔයාගේ පන්තිය ළඟටම අවා?
ඔයා මාව දැක්කේ නැහැ. මම ඔයාගේ පිටිපස්සෙන් අවා හන්දියටම. මතකයි-
තවමත් ඔයා එනකන් මම ලක්සල ළඟ හිටපු විදිය. ඔයා මුලින් ආව-
දවසට ඔයාට නොපෙනෙන්න ආව විදිය. මතකද ඒ හැමදෙයම? ඔයාට මතක නැතුව ඇති.
වේදනාවෙන් අමතක කරපු කාලය ඒක ඔයා. එත් මම තවමත් ඒ කලේ ජිවත් වෙනවා.
මතක ඇති ද අත් අල්ලාගෙන ගිය හැටි? මතකද ලංකා හොස්පිටල් එකට ගිය දවස?
මතකද එතන ෆොටෝ ගත්ත තරමක්. මතකද කොරිඩොර් එකේදී ඔයාගේ නළල ඉම්බා මම?
හැමදේම අමතක කරන්න ඇති නේද? මම නම් ඒවා හැමදේම මතක් කරනවා. ඔයා මාව අමතක කලා-
මම විසිකලා වගේ ආදරේ ඔයා මගේ මතක ටික විසි කරාවි. මට වචන නැහැ. එත් දුක තියේවි. කවදාවත්-
තරහක්නම් නැහැ. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment