Saturday 29 September 2018

every night.

ඔයා මම දුන්නේ දුක්නම් මටත් දුක් දෙන එක සාදාරනයි මම දන්නවා.
එනිසා වෙන්න ඇති ඔයා නොපෙනී මගේ දෑස මානෙනුත් ඉවතට ගියේ.
තරහවක් නැහැ කවදාවත්. එකනම් ඔයාගේ   ඔයාට ලේසි විදිය.
මම තවමත් මෙතන. ඔයාගේ මතක ගණන් කර කර ඒවා නැවත සිහි කරනවා.
වැරදීම කොහොම උනත් මට කියන්න බබා මම ඔයාට ආදරේ කරපු එක වැරදිද?
මට ආදරේ හිතුන එක වැරදිද? මම ඔයාට ආදරේ කරනවා පොඩ්ඩක්වත් ඔයාට දැනුනේ නැද්ද?
හැමදාම මම ඔයාට ආදරේ කලා බබා. ඒවගේම හැමදාටම කරාවි, ඔයා මට පෙනුනේ නැතත්.
හැම වෙලාවේම ඔයාව මට මතක් වෙන්නේ නිකන්ම වෙන්න ඇතිද ඔයා මට පෙනෙන්නවත් ඉන්නේ නැතුව?
දෑස පියවෙනකොටත් දෑස ඇරෙනකොටත් ඔයාව මතකෙට එන්නේ අහේතුකව නෙවේ බබා.
ඉතින් ඒ හැමදෙයින්ම ඔයා ඇත් උනා කියල මම තරහ නැහැ. හැබැයි ඒ කිසිමදෙයක් මගේ වෙනස් වෙලා නැහැ.
හොඳින් ඉන්න හැමදාම බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment