Monday 10 September 2018

පිය මනින ඔබ රුව දෙස බලන්.

මම හිතනවා ඔයාට මගේ දෑසට පෙනෙන මානයක ඉඳීම බාදාවක් කියල.
කමක් නැහැ. එහෙමනම් මේ විදියට ඔයා දුරස් වෙලා යන්න යාවි.
හැමදාමත් පුරුදු මතක එක්ක මම ඉන්නම් බලාගෙන. වැරදි කොච්චර තිබුනත් මගේ අතේ.
ඔයාගේ හඬත් රුවත් පියවින් නොපෙනෙන එකනේ ඔයාට කරන්න ඕන උනේ.
එත් දෙනෙත් වැසුවිට මට ඔයාගේ රූප මැවෙනවා. කමක් නැහැ. මමයි විඳවන්න ඕන.
ඉතින් ඒක පැහැදිලි කරලා දෙන්න දෙයක් නැහැ. මම විඳවන්නම්.
කොහේ හිටියත් සතුටින් ඉන්න බබා. මම එන්නේ නැහැ ඔයාගේ දෑස මානේට-
ඔයා අකමැතියි මාව දකින්න වගේම, මාව දැක්කොත් දුකත් වැඩියි. ඒ නිසා මම ඉන්නම් මෙහෙම.
මම දන්නවා ඔයා එහෙම කොයි වෙලාවක හරි තීරණය කරලා මට නොපෙනී යනවග.
දරාගන ඉන්නම්. ඉන්න වෙනවා. තරහක් කිසිම වෙලාවක නැහැ. දුකත් අපේම මතකයක් කියල හිතා ගන්නම්.
මේක ලියන දවස වෙනකොට ඔයාට මාව අමතක වෙන පාරේ ඔයා පිය මනින්න පටන් අරන් යම් දුරක් ගිහින්.
කොහොම උනත් මම ඔයාව නිතර මතක් කරනවා. සමහර වෙලාවට වෙන කෙනෙකුගේ උවමනාවකට වෙන්නත් පුළුවන්-
ඔයා එහෙම තීරණය කරන්න ඇත්තේ. මම තරහ නැහැ බබා. අපේ පොරොන්දු මම අයෙත් මතක් කරන්නෙත් නැහැ. මගේ හොඳක් තිබුනෙම නැද්ද බබා? මම නිකමට අහන්නේ.
එත් ඕනෑම වෙලාවක ලෝකෙම නොදැක්කත් ඔයා නොදැක්කත් මම ඔයාගේ ලඟින්, ඉඳීවි. ඔයාගෙම පැත්තේ ඉන්නම් ලෝකේ පෙරලුනත්.
හැමදේම බොරු කියල ඔයා කියනවා කියල මම දන්නවා. කමක් නැහැ. හොඳින් ඉන්න බබා. තෙරුවන් සරණයි. ..
අම්ම තාත්තවත් හොඳින් බලාගන්න. ඕනෑම වෙලාවක මම ඉන්නව.

No comments:

Post a Comment