Sunday 30 September 2018

memo.

මම දන්නේ නැහැ කවදාහරි ඔයා මම ලියන ඒවා දකීද කියලවත්.
එත් හිතන්න හෝ තේරුම් ගන්න තියෙන්නේ මමත් ඔයාව ගොඩක් මතක්-
කරමින් හිටිය කියල ඔයා නොපෙනී ගියාට පස්සෙත්. මට ඔයාව ඇහෙන්නෙත්-
නැහැ දකින්නත් නැහැ. එහෙම දකින්න හෝ පෙනෙන්න හිටියට මම බදාකරයි කියල හිතුවද-
කියලත් මට නොහිතුනා නෙවේ. එත් මම එහෙමනම් කවදාවත් කරන්නේ නැහැ.
මෙහෙම ලියල තිබුනත් මම දන්නවා ඔයා මගේ මුහුණ ආයෙත් නොබලන බවත්.
හැමදේකම මම කලේ බොරුවක්නම් බබා මම මොකද තවමත් ඔයාගේ මතක-
ඇතුලෙම ඉන්නේ? එකත් බොරුද? කමක් නැහැ. මට මම හරි කියල ඔප්පුකරන්න ඕන නැහැ.
වැරදි කියල කියන එකේ වරදක් නැතිය කියල මටත් හිතෙනවා. මම දන්නවා මගේ වැරදි.
අපි දුරස් උනත් බබා මගේ හිත ඇතුලේ තවමත් හා හැමදාටම ඔයා, ඉන්නවා.
පලිගත්තත් මම තරහ නැහැ. මාව අමතක කරන්න මේ හේතුවම ඇති කියල මම දන්නවා.
මම අමතක කරන්න ඕන උනා කියලත් මම දන්නවා. ඉදිරියේදී මාව අමතක කරලා දාන්න ගොඩක් දේවල් ඒවි මුනගසේවි කියලත් මම දන්නවා.ඒ කිසිම දේකදී මගේ හිතේ ඔයාට වෛරයක් තරහක් නැහැ බබා. මම කොයි කාලෙකදී හරි ඔයාව ආයෙත් හොයාගන්නවා. අපි හමු උනේ නිකන්ම නෙවේ කියල මම දන්නවා. එත් තරහ නැහැ. මම කියන්නෙත් නැහැ මාව,
මතක් කරන්න කියල. මට කියන්න පුලුවන්න්නම් මම කියන්නේ මට ඔයාව අමතක කරන්න බැහැ කියල.
එහෙම කරන්නෙත් නැහැ මම කරන්න උවමනාවකුත් නැහැ.
ඔයා හොඳින් ඉන්න.

No comments:

Post a Comment