Wednesday 26 September 2018

ලොවි ගස

ඔයා හොඳින් නම් එකයි මම බලාපොරොත්තු වෙන්නේ හා පතන්නෙත්.
වැරදෙන්න ඇති මට හෝ අපට. එත් මම හමු වීම මට ඔයාව හමු වීම-
අහම්බයක්ම නෙවේ බබා. මට ඔයාව අමතක කරලා විසිකරන්න තිබුනානම් උවමනාවක්-
මම එහෙම කරලා. එත් මම තවමත් ඔයාව මතක් කරනවා නිතර. අපේ ඇතිතේ ජිවත් වෙනවා.
මොකද ඒ කියල මම විස්තර කරන්න යන්නේ නැහැ. මට නිතර මතක් වෙන අතරේ ඔයාව-
ඔයාගේ හිතෙන් මාව ගිලිහීම මට නොදැනුනා නොවේ. එත් මගේ වැරදි වලට වෙන කරන්න දෙයක් නැහැ.
එත් මම ඔයාව අමතක කලේ කරලා නැහැ. කරන්නෙත් නැහැ. මම දන්නවා හැමදේම ඔයාට ලේසි උනේ නැහැ.
මටත් එහෙම නැහැ. මමත් ලේසියෙන් නෙවේ ඉන්නේ. මම හිතනවා අපි හමු වෙන්න මොකක්හරි හේතුවක් තිබුන.
විශ්වාසයි හොඳටම අපි අයෙත් හමුවේවි. මම වෙනස් වෙලා ඉඳීවි.
අපි ගිය පාරවල් වල තවමත් අපේ මතකය තියෙනවා. මතකද ටොරින්ග්ටන් එකේ අපි වැඩිවෙලා හිටපු තැන සිමෙන්ති තාප්පයක් උඩ-
ලොවි ගහක් තිබුන එතන. මොබයිල් ෆෝන් එකට නිවනක් තිබුනද සෙල්ෆි අරන්?
ඉතින් හැම මතකෙම මගේ ළඟ. කතාකරන්න, දකින්න, අහන්න නොහිතුවත් නෙවේ. මට දුක කොහොමදනුනත්-
මට ඔයාගේ ඇස් තවත් තෙත් කරන්න බැහැ. එනිසා නිහඬව හිටිය.
හොඳින් ඉන්න බබා. අයෙත් ලියන්නම්.

No comments:

Post a Comment