Sunday 2 September 2018

වියෝ නොවනු මැන

මම හිතනවා ඔයා අද වැඩට ඇවිත් ඇති කියල. ඔයා ලන්ච් එකට එලියට එන්න ටික-
වෙලාවකට ඉස්සර වෙලා මේක ලියන්නේ. ඔයාව මතක් උනා. මතක් වෙනවා.
මතකයි මම වරක් හෝ දෙවරක් අවා ඔයාගේ ලන්ච් වෙලාවේදී හෝ ටී ටයිම් එකේදී.
අපි හම්බුනේ පහල තිබුන සුපර් මාකට් එක ඇතුලෙදි. මතකද?
දුර වැඩට යන්න ඉස්සර වෙලා දවසක් අවා ඔයාව හමු වෙලා යන්න. යන්න දවස් කීපයකට ඉස්සරවෙලා.
ඒ දුර වැඩට යන්න පලවෙනි වතාවේ. යන්න ලෑස්තියෙන් ආවේ. ඔයාව හමු වුනෙත් හවස තේ වෙලාවේදී මට-
මතක විදියට. මට ඉතින් අද දවසෙත් ඔයාව ගොඩක් මතක් වෙනවා. මාව සමහරවිට අමතක ඇති.
තරහක් හිතේ තියාගන්නේ නැහැ ඔයා මාව අමතක කලා කියල. ඔයාට සමාව දෙන්න බැරි දෙයක්, දෙන්න බැහැයි කිව්ව දෙයක් මම තියාගෙන. වේදනාවෙන් බැනගන්න ගමන් කෑගහගන්න ගමනුත් සමාව දීල ආයෙත් ආදරේ කල විදිය මතකයි.
. එත් දුකයි. ඔයාට මම අමතක වීම කියන්නෙත් තවත් වියෝවිමක් නෙවේද?
එහෙම උනත් මගේ හිතෙන්, ඔලුවෙන් නම් ඔයාව වියෝවෙන්නේ නැහැ. මට හැමදේම හැමදාටම මතකයි. මම ඒ මතක අතරේ ඉන්නම්.
ඔයා හොඳින් නම් එච්චරයි බබා. මට ඔයාව පෙනෙන්නෙත් නැහැ ඇහෙන්නෙත් නැහැ. ඒකයි.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment