Sunday 7 October 2018

sunday

අද ඉරිදා දවසක්. ඉස්සරනම් මම හවස මේ වෙනකොට එන්න පිටත් වෙලා. මග දිගට අපි-
කතා කරනවා. මතකද? වෙන්වීමේ අමාරුවටම වෙන්න ඇති රණ්ඩුත් වෙනවා බස් එකේම.
සමහර වෙලාවට ඔයා රිද්දවන්න වචන කියනවා මම යනකොටත්. මම දන්නේ මම අමාරුවෙන්-
අපහු යන්නේ කියල. ඊට පස්සේ කාලෙකනම් සෙනසුරාදා අපි හමු වෙලා මේ වෙනකොට අපි නින්දට යනවා ඉරිදා.
මට ඔයාව ගොඩක් මතක් වෙනවා බබා. මම දන්නවා අමාරුවෙන්හෝ, ලේසියෙන් හෝ කොහොම හරි-
ඔයා මාව මේ වෙනකොට අමතක කරලා හිතෙන් අයින් කලා කියල මට දැනෙනවා මම දන්නවා.
දන්නවා කොච්චර අමාරුද කියල. දන්නවා ඔයාට තියෙන තිබුන දුකත්. මමත් දුකක් නැතුව හිටියා, ඉන්නවා-
නෙවේ. ඔයාගේ මතක මගේ හිතේ ඔලුවේ පිරිලා.හැම වෙලාවකම ඔයාව මතක් වීම මට අලුත් දෙයක් නෙවේ.
බබා මමත් ඔයාට ආදරේ කරනවා. කලා. කරාවි. ඔයා දෙන උත්තරේ මම දන්නවා. කමක් නැහැ.කියන්න ඕන වාර ගණනක් බොරු කියල.
හිතේ තියෙන දේ මගේ මට දැනෙන්නේ හැමෝටම වඩා, මමයි දන්නේ මගේ හිතේ තියෙන දේ. කමක් නැහැ බබා-
ඔයා හොඳින් නම් හොඳයි.

No comments:

Post a Comment