Tuesday 16 October 2018

you and I..... memories

බබා ඔයා හොඳින්ද?  ඉතින් ඔයාට මාව අමතක වෙන හැටි.
හැබැයි එකට බනින්න මට බැහැ ඒක දුකක් උනත්. මම දන්නවා ඔයාගේ හිතේ වේදනාවත්.
දුරස් උනත් මගේ හිතට දැනෙන්නේ නැතිද බබා ඔයාව? මට ඔයාව හැමදාම දැනෙනවා.
ඒවගේම මතක් වෙනවා. මට අමතක වීමක් නැහැ. මතකද කොල්ලුපිටියේ ෆිෂ් ෆුඩ් ෂොප් එකක-
ලන්ච් එක ගත්ත හැටි? ඉතින් අපිට අසුවේ කඩේටනම් යන්න බැරි උනා.
අපහු යන්න පුලුවන්නම් මම ආයෙත් දුවනවා අපි හමු උන පලවෙනි දවසට. ඔයාගේ අතේ පොඩි-
තෑග්ගකුත් තිබුන. හැමදේම මතකයි බබා. අමතක කරන්න මට උවමනාවකුත් නැහැ. අමතක-
වෙන එකකුත් නැහැ. ඉතින් පහුගිය දවස් දෙක හිතුවොත් ඉස්සරනම් අපි අනිවාර්යෙන්-
ඒ සති අන්තේ හමු වේවි. මතකද? මම දන්නවා ඉතින්. මටත් ලෙහෙසි නැහැ.
හැබැයි මට අමතක වෙන්නේ නැහැ.
හොඳින් ඉන්න මගේ බබා. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment