Monday 1 October 2018

today

මේ වෙලාවේ ඔයා ඔෆිස් එකේ.  එනවා ටී ටයිම් එකට එලියට.
ඉතින් ඒ වෙලාවේ අපි කොච්චරනම් කතා කරලා ඇතිද බබා? කොච්චර වාර-
ගණනක් නම් කියල ඇතිද තව ටිකක් ඉඳල යන්න කියල. 4 වෙනකොට වැඩ ඉවර වෙනවා-
ඒ විනාඩි කීපය කොච්චරනම් මිස්සින්ග් ෆිලින්ග් එකක්ද දෙන්නේ.
එලියට ආව ගමන් කතා කරන්න කියල කොච්චරනම් කියල ඇතිද? ඒවගේම-
එහෙම අපි කොච්චරනම් කතා කරලා ඇතිද? දුරස් උනත්, ඔයා නොපෙනී ගියත්-
ඒ හැගීම් මැකෙන්නේ නැහැ. කොච්චරනම් රණ්ඩුවෙලා ඇතිද වෙලාවට කතා නොකලාම.
ඔයා කියාවි හැමදේම බොරුවක් කියල. එත් මම දන්නේ මගේ හිතේ තියෙන දේ.
එකට කමක් නැහැ. මම තරහත් නැහැ. ඉතින් මට මතක් උනා ඔයාව. හැමදාම වගේ-
හැම වෙලාවකම වගේ. මම දන්නවා මාව ඔයාගේ මතක මායිමකවත් නැහැ කියල. හිටියත් මට දැනෙන්නේ නැහැ වගේ බබා.
පෙනෙන්නෙත් නැහැ. ඉතින් හමුවෙන්න කතා කරන්න නොහිතුව නෙවේ. එත් කවදාවත් ආයෙත් ඔයාට කරදර කරන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා ඉන්නේ. ඉතින් ඇස් වැහුවම පෙනෙනවා. හැමදාම මතකයි. හැමදාටම............
හැමදාටම.......... හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment