Sunday 28 October 2018

did you watch the concert by Anula students today?

බබා ලියන්න අමතක කලා නෙවේ. ලියන්න බැරි උනා හේතු 2 නිසා.
එකක් ඔයාම මාව උනන්දු කරවපු දෙයක් නිසා. අනිත් එක මේ වැසි දවස් වල-
රෞටරය වැඩ නැති උන නිසාත්. මතක මම මේක සල්ලි වලට ගත්තේ ගොඩක් දුරකට ගිහින් කොළඹ දෙහිවලින්.
එකෙන් කරපු ලොකුම දෙයත් ඔයා එක්ක කතා කරපු එක. මම අද අපි ඇවිදපු පාරවල් කීපයක ගියා.
ඉතින් මට මොකුත් මතක් නොවී තියේවිද? මේ පාරවල් වලම නෙවේද බබා අපි අත් අල්ලාගෙන හිනා වේවි-
සක්මන් කෙරුවේ? මතක අපි හමු උන ඒ තුන් මුළු හන්දිය? මටනම් තවමත් මුල දවසේ ඉඳලම මතකයි.
වෙන් වෙලා වදදිල ගියේ මම කියල මම දන්නවා. එත් මගේ හිතේ ඔයාට කිසිම ආදරයක් නැහැ කියලද-
ඔයා කියන්නේ? එහෙම නෙවේ බබා මමයි දන්නේ මගේ හිතේ තියෙන දේ. ඕනෑතරම් බනින්න නැහැ කියන්න.
තරහ වෙන්නේ නැහැ. ආදරේ කරපු කරන කෙනෙක් එක්ක තරහ වෙන්න කොහොමද?
මගේ මතක බින්දුවක්වත් සමහරවිට ඔයාගේ හිතේ නැතුව ඇති බබා. එත් ඔයාගේ මුළු මතක ලෝකයම-
ඇතුලේ මම ජිවත් වෙනවා. මට ඔයාව ඇසට නොපෙනුනත් හැම වෙලාවේම හිතින් පෙනෙනවා.
දැකපු දවසක මේවා ඔයා කියාවි විකාර කියල. මම දන්නවා බබා දැන් මාව අමතක කරන්න හේතු ඔයාට නියම වශයෙන්ම-
ඇති කියල. එහෙම කරන අමතක කරන එකට මම තරහ නැහැ. කවදාහරි මගේ වචන ඇසකට හරි දැක්කොත් ටිකක්-
උත්සහ කරන්න තේරුම් ගන්න. මම අන්තිම නරක නපුරු මෘග මිනිහෙක් වෙන්න ඇති. මගේ හිතෙත් ඔයාට ආදරේ හැමදාම තිබුන කියල.
මම කොහේ හිටියත් ඔයාව මතක් කරනවා. ඔයා හොඳින් ඉන්න මගේ බබා.
තෙරුවන් සරණයි.

No comments:

Post a Comment