Saturday 13 October 2018

saturday journey

හොඳින්ද බබා? අදවගේ දවසක අපි කොච්චරනම් අවිදිනවද?
මතකද? මතකද බර්ගර් කින්ග් එකේ කෑම කනවා? මතකද එකේ තිබුණු-
කාඩ්බෝඩ් ඔටුනු දාගෙන ෆොටෝ ගත්ත? කොච්චරනම් විනෝද වගේම-
අපි ලංවෙලා හිටපු කාලයක්ද? අපි කොච්චරනම් හිනාවෙන්න ඇතිද? නැහැ කියන්න ඕන-
නැහැ අපි කොච්චරනම් අඩන්න ඇතිද? ඒවගේම මතකද ටොරින්ග්ටන් රව්මේ අත් අල්ලාගෙන-
ඇවිදපු විදිය. මම දන්නවා බබා ඒවා ඔක්කොම නැති උනේ මගේ වරදින්. එත් මම කොහොමද හැමදාම-
ඔයාගේ හිත රිද්දවන්නේ? මම දන්නේ නැහැ බබා. මම වැරදි වෙන්න ඇති. මම හරි උනත්-
වැරදි උනත් මට ඔයා අඬනවා බලන් ඉන්න අමාරුයි. මම මාවම සදරණිකරන කරගන්න හදන්නේ නැහැ.
එහෙම කරන්න උවමනාවකුත් නැහැ. මම මගේ ඉතින් මගේ වරද දන්නවා.
මොනවා උනත් මම ඔයාට ආදරේ කලා බබා. ඒක මගේ හිත දන්නවා. හැමදාටම එහෙමයි.
ඔයා සතුටින් උන්නේ කියල මම කියන්නේ නැහැ. ඔයා විඳපු වේදනා මම දන්නවා.
ඔයා නොපෙනී උනත් හොඳින් ඉන්නවා කියල හිතනවා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment