Thursday 4 October 2018

4.38pm

මම හිතනවා ඔයා හොඳින් කියල. ලියන්න බැරි උනා, මම ටිකක් අසනීප උනා.
බෙහෙත් ගත්ත නින්දගියා දන්නෙවත් නැතුව.
මේක ලියන වෙලාවේ ඔයා මග යන ගමන් ඇත්තේ. ඉතින් ඒ කාලෙනම්-
අපි මේ වෙනකොට ලොකු කතාවක. ඔයා බස් එකක් ඇතුලේ.
සද්ද ගොඩක් මැද්දේ අපි කතා කර කර යනවා. මතකද ඔයාට අපි කොළඹදී-
එකට බස් එකේ ගිය විදිය. මට නම් තවම මතකයි. මතකද එක එක ඒවාට තරහ ගිහින්-
දැන් බස් එකෙන් බහින්න කියල රන්ඩු උන විදිය. එහෙම කිව්වේ තරහකට නම් නෙවේ මම. තරහ ගිහින් තමා.
එත් හේතු .වෙන දෙයක්. ඒවගේම තමා ඉතින් බොහෝවිට එහෙම කිව්වේ ආදරේට.
වෙන්නම් මට හේතුවක් නැහැ. මට ඔයාට වෛරයක් නැහැ කවදාවත්. ඉතින් එහෙම උන එකම හේතුව ආදරේ තමා.
ඔයාව ඉතින් හැමවෙලාවකම මට මතක් වෙනවා. මට දැනෙනවා ඔයාට මාව අමතක වෙලා යන එකත්.
දුකක් උනත් එහෙම මාව අමතක වෙන එක මම අහිතක් හිතන්නේ නැහැ, මොකද මම දන්නවා ඔයාගේ පැත්තෙන් එක හරි කියල.
මාව අමතක වෙන්න අමතක කරන්න තවත් හේතු මේ වෙනකොට තියෙන්න පුළුවන් කියන එකත් මම නොදන්නවා නෙවේ.
කොහොම උනත් ඔයාවනම් මට අමතක වෙන්නේ නැහැ කවදාවත්. මේක ලියනකොට ඔයා බොහෝවිට ගෙදරයන-
පාරේ මැදක වගේ ඇත්තේ. ඉතින් කොච්චරනම් අපි එකිනෙකාට කතා කරන්න ඇතිද. මම දන්නවා කිසිදෙයක් ලෙහෙසි නැහැ ඔයාට දරාගන්න කියල. මටත් එහෙම්මම තමා. හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment