Sunday 14 October 2018

those days

මට ඔයාව පෙනෙන්නේ නැහැ දැන්. මම දන්නවා ඒක ඔයාට යම් ඉස්පහසුවක්.
මම තරහ නැහැ. දුර ඉඳගෙනත් සිතමින් ඉන්නම් ඔයා ගැන. දුරින් ඉඳන් ආදරෙන් ඉන්නම්.
අදත් ගොඩක් ඔයාව මතක් උනා. මම දන්නවා බබා ඔයා සමහර මතක පැත්තකට විසිකරලා දාවි.
නමුත් තරහක් මගේ හිතේ එන්නේ නැහැ. මම කොහොමද ඔයාට තරහවකින් ඉන්නේ.
තරහ ගිහින් නැතුව නෙවේ. ඒ ගිය ඒවාට හේතු තිඑනවා. මතකද අය්යත් එකක් එයාගේ ගර්ල්-
ෆ්‍රෙන්ඩ් ට තෑගි දෙන්න ගිය වෙලාවේ මම තරහවෙන් හිටිය. මම කොහොමද බබා වෙන කෙනෙක්ගේ තෑග්ගක්-
වෙන කොල්ලෙක් එක්ක ගිහින් ඔයා ඩිලිවර් කරනවා බලන්නේ. තෑග්ග දෙන එක ගැන නෙවේ මම කියන්නේ.
අයි මට තරහ ගියේ? අයි ඒවගේ ගමනක් තෑග්ගක් දෙන්න උනත් ඔයාගේ එක්ක මට ඉන්න බැරි ඇයි කියල.'
සහෝදරයෙක්ට උනත් ඔයාගේ ආදරේ මට වඩා ලැබෙන්න බැහැ වගේ දෙයක් මට තිබුනේ. මම එක ඉවසන්න බැහැ.
ඕනනම් බනින්න. මගේ ආදරේ එහෙම වෙන්න ඇති. විකාරයක්නේ, පිස්සුවක්නේ කියල කියන්න. කමක් නැහැ.
පිස්සුවෙන් උනත් මම ඔයාට ආදරේ කලා, කරාවි හැමදාටම. ඉතින් ඒක මතක් වෙලා ලිව්වේ නිකන්.
මට ඉතින් හැම මතකෙම ඊයේ වගේ. ඔයා හොඳින් කියල හිතනවා බබා. ආයෙත් ලියන්නම්.

No comments:

Post a Comment