Friday 12 October 2018

memories.. you and I

බබා මම හිතනවා පතනවා ඔයා හොඳින් කියල. කොහේ හිටියත් මට ඔයාව-
නිතර මතකෙට එනවා. මම වැරදි ඇති. වැරදියි මම දන්නවා.  අපේ කාලේ මට තවම-
,ඒ විදියටම මැවිලා පෙනෙනවා. මතකද අදවගේ දවසක් නම් මම ඔයාව හොයාගෙන
එන දවසක්. එනවා විතරක් නෙවේ ඔෆිස් එක ලඟටත් බොහෝ වෙලාවට ඇවිත්.
දන්නවා දැන් ඒ මතක හා අතීතය, ඒ වගේම ඒ අපේ බැඳීම අමතකවෙලා ගිහින් කියල.
හෝ සමහර වෙලාවට පරණ කොලයක් වගේ ගුලි කරලා විසි වෙලා ගියා වෙන්නත් පුළුවන්.
ඒ කොහොම උනත් ඒවාට මගේ වැරදි හේතු බව ආයෙත් කියන්න ඕන නැහැ. මම දන්නවා බබා.
ඔයා කොච්චර වේදනා වින්දද කියල මට අහන්න ඕනත් නැහැ, මට අමුතුවෙන් හිතන්න ඕනත් නැහැ.
ඒක කොච්චර වින්දද කියල මට දැනුන. ඔයාගේ දුක හැමදාම මට දැනුන. මට පෙනෙන්නේ නැතිව හිටියත්-
නිතර ඉතින් ඔයා මගේ හිතට ඔලුවට එනවා. ඉතින් මම ඒ මතක එක්ක ඉන්නවා. මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ-
අමතක කරන්නෙත් නැහැ. ඉතින් හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment