Friday 19 October 2018

හදේ කොතනකෝ හෝ හිඳී ඔබ...

බබා ඔයා හොඳින්ද? මට ඉතින් මතක් වෙනවා. මට මතක් වෙන එක-
නවත්තගන්න ඕන නැහැ. මතක් වීම වෙනවා.  මොකද කියල.
ඉතින් ඒක එහෙම වෙන එකට වැටක් ගහන්න නවත්තන්න බැහැ.
ඔයාට මාව මතක් උනත් තරහ යනවා වෙන්නත් පුළුවන්. ඒ හැමදේටම උඩින්-
මේ වනකොට මාව අමතක වෙච්ච දේ අතර තියෙන්නත් පුළුවන්. මම අමතක-
උනේ ඇයි කලේ ඇයි කියල අහන්නේ නැහැ. මම දන්නවා එහෙම කරන්න හොඳම-
හේතුවක් මමම කියල. පරණ හේතු සමහරවිට අලුත් හේතුත් තියෙන්න පුළුවන් මාව-
අමතක වෙන්න හෝ අමතක කරන්න. මට ඉතින් හැමදාම මතක් වෙනවා. මම තරහ නැහැ.
ඒ අමතක වෙච්ච කාලේ මම ඉන්නම් බබා. මම දන්නවා මම ඔයාට මෘගයෙක් කියල.
එහෙම උනත් මටත් ආදරේ කියන දේ තිබුනේ, තියෙන්නේ නැතිව නෙවේ.
ඔයා ඉතින් බනින්න බොරු කියල. මගේ හිතේ තියෙන දේ පෙනෙන්නේ නැහැ.
මට බැන්නට මම තරහක් නැහැ. මම කොහොමද ඔයා එක්ක තරහ වෙන්නේ?
ඉතින් මගේ මතකේ මම ඔයා එක්ක ඉන්නවා.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment