Tuesday 23 October 2018

everyday

බබා ඔයා ඉතින් හොඳින්ද කියල අදත් හැමදාමත් මම අහනවා.
මම ඔයාගේ සතුට බලල සතුටු උන කෙනෙක්. මම ඔයාගේ කන්ට ලංවෙලා-
ඔයාට අද සතුටුද කියල අහල නැතිද? ඔයා නැහැ කියාවිද? මම අහල තියෙනවා බබා-
ගොඩක් වාර ගණනක්. මම ඔයාට රිද්දන්න කවදාවත් හිතුවේ නැහැ.
ආදරේ කරලා හා කරද්දීත් එහෙම කරන්නේ කොහොමද? මම හැමදාටම ආදරෙයි.
ඉතින් ඔයා අනන්තවත් කියයි මම ආදරේ නැහැ කියල. මගේ හිත කෑගසාවි ඔයාගේ නම.
ඒ මොකද කියල දන්නෙත් මගේ හිතම තමා. ඉතින් ඔයා මට රිද්දුවත් මම ඔයා දෙන දේ ඉවසන්නම්.
මම නොදන්නවා නෙවේ මම දුන්න වේදනා. මම ආදරෙත් දුන්නේ නැතිද?
මම ආදරේ කලේම නැතිද? මම ඔයාට දැනුනේම නැතිද? මට ඔයාව හැමවෙලාවෙම මතක් වෙන්න-
හේතුව දන්නෙත් මමම තමා. මමනම් කවදාවත් හිතන්නේ නැහැ අපි නිකන්ම හමු උනා-
කියල. අපි හමුවිමේත් හේතුවක් ඇති. ආදරෙත් හේතුවක් තමා.
මට ඔයාව නොපෙනුනත් නොඇසුනත් මට ඉතින් ඔයාව හැමදාම මගේ මතක ඇතුලේ.
හොඳින් ඉන්න බබා.

No comments:

Post a Comment