Thursday 25 October 2018

leasure times.

ඊයේ පෝය දවසක්. වෙන ගතවුණ කලයකනම් මම ඔයාව හොයාගෙන දුවල ඇවිත් නැද්ද ඊයේ?
මම මතක් කලා අපිට යන්න බැරි උන පන්සල් ගමන. ඉතින් එක ගැන මම හිතේ තියාගෙනම ඉන්නම්.
හැමදේම මට වැරදුනත්, අපිට වැරදුනත් මම කිසිමදෙයක් මගේ මතකෙන් මකල දාන්නේ නැහැ.
මතකද දකුණේ පැත්තකට ට්‍රිප් එකක් යන්නත් සැලසුම් කලා. තව මතකයි ඔයා ලස්සන තැන් වල-
පින්තුර මට එවනවා. මතක ඒ කාලේ බබා? මතකද නුවර යමු කියලත් කිව්වා එක දවසින් ගිහින් එන්න.
ඉතින් මතකනම් ගොඩයි. ඊයේ ආවානම් අපි කොච්චර කතාකරයිද? හිනා වෙයිද?
ඒ බලාපොරොත්තු ඔයා අමතක කරලා ගොඩක් කල් වෙන්න ඇති. ඒක එහෙම කරන එක කිසිම අසාදාරනයක් නැහැ.
නැතිනම් බබා ඔයා කොහොමද ඔයාගේ වේදනාව නිවාගන්නේ? ඉතින් එහෙම උනත් මම අමතක කරන්නේ නැහැ.
මම දන්නවා නුදුරේදී මම වේදනා දුන්න කෙනා විතරක් නෙවේ පයට දුවිල්ලක් තරම්වත් නොවටිනා කෙනෙක් වෙයි.
එවන් තත්වෙක උනත් මම ඔයාව අමතක කරන්න අදහසක් නැහැ. මම ඔයාව වෙනුවෙන් හැම තැනම ඉඳීවි.
හැමදාම හැමදේම මතකයි.
හොඳින් ඉන්න.

No comments:

Post a Comment