Monday 29 October 2018

for you.

ඔයා හොඳින් කියල හිතනවා බබා. මට ඔයාව අද උදේ පන්දරින්මත්-
මතක් උනා. මම නැගිට්ටේ 4.55. මතකද? අදත් එහෙමමයි.
වෙනස නම් අපි දැන් ළඟ නැහැ. අපි දුරස් වෙලා. මම දන්නවා මමයි හේතුව.
නිතරම මතක් වෙනවා බබා. මතකද ඒ අපි හමු වෙන මන්සලේ හැමදාම ඔයා එනකොට-
මම ඔයාට නොපෙනෙන්න වගේ හැංගිලා ඉන්නේ. සමහර වෙලාවට ඉඳල හිටලා චොකලට්-
එකක් අරගෙනත් එනවා. මතකයි ඔයා මට කෑම කවපු හැටි. මතකද ඒ ලස්සනම කාලේ?
හැමදෙයම අමතක වෙලා යයිද බබා ඔයාට? සමහර පොරොන්දු නිකන්මද අමතක කලේ-
නැතිනම් අමාරු උනාද අමතක කරන්න? ඒ කියන්නේ අපි අතර පොරොන්දුවක් නැතිද?
ඔයා එක පොරොන්දුවක් ජීවිතේට කඩන්නේ නැහැ කියල පොරොන්දු උනා. මාව අමතක උනත් මම-
පතනවා ඒ පොරොන්දුව වරින් වර මතක් වෙන්න ඔයාට කියල. මට ඔයාව නොපෙනුනත් මම ඔයාව හිතින්-
දකින්න දැනෙන්න උත්සහ කරන්නම්. මම කවදාවත් තරහක් නැහැ. ආදරේ කරලා කරද්දී කොහොමද අමතක කරන්නේ.
හිතනවා අම්ම එහෙමත් සනීපෙන් ඇති කියල. එයාව බලා ගන්න. මතකයි එයාට පපුවේ කැක්කුමක් හැදුනු දවසේ අපි චැට් කලා.
ම්ම්ම් මතකද ඔයාට? මම කිව්වා ළඟ ඩොක්ට ලඟට ගිහින් ඊ සී ජී එකක් ගන්න කියල. වෙලාවට බෙහෙත් බොන්න කියන්න.
මම දන්නේ නැහැ බබා. මම හැමදේම හොඳ වෙන්න කියල ඔයා වෙනුවෙන් පතනවා. මම ටිකක් ප්‍රශ්න මැද්දේ-
හිටියේ. එනිසා නිතර ලියන්න බැරි උනා වගේ. උදේ රෑ වීමවත් මට තේරුනේ නැහැ. හැමවෙලාවෙම හරියට හිතන්න බබා.
රැල්ලට, පොෂ් වෙන මිනිස්සුන්ගේ රැල්ලට හිතන්න එපා. මාව මතක නැතත් ඒවා මතක තියාගන්න. අම්මල තාත්තලව හොඳින් බලාගන්න.

No comments:

Post a Comment