Monday 10 December 2018

දෙසැම්බරය 10

බබා මම හිතනවා මේ කාලේ ඔයා කොච්චරනම් දුකෙන් අමාරුවෙන් ඉන්න ඇතිද කියල.
ඒ කාලෙකට පස්සේ අද මම ඒ පාරේම ඔයා හෙලපු හුස්මවල් ආස්වාස කරමින් ඒ පාරේම-
යනවා. මේ වේදනාව අපිට හැමදාටම තියෙන එකක් නැහැ. මගේ ඔලුව ඇතුලේ ඔයාගේ නම-
මුමුනවා කව්ද දන්නේ නැහැ. ඒ කවුරු වෙන්න ඇතිද? අපේ ආදරේද? මේ වෙනකොට මම-
ගැන මතකයක්වත් නැතිද බබා? කමක් නැහැ. මම ඔයාව හැම වෙලාවේම මතක් කලා කියල-
කියන්න තමා මට ඕන උනේ. මම කියපු කිසිම දෙකට හිත රිද්දගන්න එපා. මම ඔයාගේ යහපත-
හැමදාම පතනවා. මම වරද්දගත්ත, වැරදුන හෝ මොකක් හරි. මමත් ඔයාට ආදරේ කලා, හැමදාටම-
කරාවි. ඉතින් ඔයා ඇවිදපු ඒ දුක් මාවත ලේසි එකක් නොවෙන බව මම දන්නේ නැතුව නෙවේ බබා.
ඒ හැම වේදනාවක්ම මට තේරෙනවා. ඒ හැම වේදනාවක්ම මට දැනුන. ඔයාව මට දැනෙනවා. මම ඔයාගේ-
මතකෙන් අයින් වීමත් මට නොදැනුන නෙවේ. දැනුන. ඉතින් ඒක මම දන්නවා ඔයා ඔයාගේ වේදනාව තුනී කරගන්න-
ගත්ත උත්සහයක් කියල. තරහක් නැහැ මගේ. ඉතින් මම උදේට ඇස් අරිනවෙලාවේ වගේම දෙනෙත් පියාගන්න වෙලාවේ ඔයා -
මගේ හිතට එනවා. දහස් වාරයක් මතක් වෙනවා අපි කතා කරපු විදිය.
ඉතින් ඔයා හොඳින් ඉන්න බලන්න රත්තරන්. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment