Thursday 6 December 2018

december 6

බබා ඔයා හොඳින්ද? නොදුටුවත් මම ඉතින් නුඹව මගේ දෑස වසන-
වරක් පාසා දකිනවා. එහෙම වෙනවා කියන එක මම නවත්තන්නේ නැහැ.
අමතක වීම හෝ අමතක කිරීම මට දඬුවමක් වේවි. ඉතින් ඒවා ආදරේ කරපු-
නුඹට මම දුන් වේදනා වලටම මට දඬුවම් ම වේවි. මම ඒවා රසක් ලෙසම-
වින්දින්න්නම්. මම එත් ඔයාට ආදරේ කලේම නැතිය කියලද කියන්නේ?
ආදරේ කළෙම නැතිද බබා මම? මගේ හිත දන්නවා මම කොච්චරනම් ආදරේ කරනවද-
කියල. අමතක වීම අමතක කිරීම පමණක් නෙවේ අමතක කරන්න දැන් ඔයාට හේතුවක් තියෙන්නත්-
පුළුවන්. ඉතින් එහෙම හේතු තිබුනත් මම තරහ නැහැ. හැබැයි ආදරේ නවත්තන්නත් කාටද පුළුවන්?
හැමදාම මගේ ආදරේ හා මගේ හැඟීම් තියේවි. ඉතින් මම ඔයාගේ මතක සාගරේ ඇතුලෙම ජිවත් වෙන්නම් ජීවිතේම.
ඒ ජිවත් වෙන්නේ මම ඔයාගේ මතකෙකවත් හිනේකවත් නැතිවෙන්න මැකිලා ගිහින් කියල නොදැන නෙවේ.
එත් මේ ජිවිතේ මම හැමදාම ඔයාගේ ඉඩ තියාගන්නම්. මම හැමදාම ඔයා වෙනුවෙන් ඉඳීවි. මම ඉතින්-
හැමතැනම ඉන්නම් හැමදාටම. තරහ නැහැ බබා. හොඳින් ඉන්න. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment