Sunday 16 December 2018

December 16

බබා අපේ ඇස්වල ගොඩක්ම කඳුළු තිබුන මාසය මේ. ඊට පස්සෙත් අපි හිටියේ-
කඳුළු එක්කම තමා. තවම උනත්. මම ඔයාට විහිලුවකට වගේ හෝ ඔයාට රිද්දවන්න නෙවේ-
මාව අමතකයි නේද කියල අහන්නේ නිතර. මටත් දුකක් නිසා. ඔයාගේ මතකයෙනුත් මම නික්ම-
යනවද බබා? මගේ වැරදි බබා. මම නොදන්නවා නෙවේ. හැම දේකදිම මම ඔයාට ආදරේ කලා-
කරනවා කියන එක මට කියන්න ඕන. මම ඔයාට ආදරේ කලේ කරන්නේ වෙන කාටවත් දෙවැනි නොවෙන්න.
එත් සමාවෙන්න මම මෘග ආත්මයක්නෙ බබා. මම ඔයාගේ ඇස්වලට කඳුළු දුන්න. අදටත් මට මතකයි-
අන්තිමට කිව්වා ඔයා ඔයා මට ඔයා රිද්දනවා කියල(යු හර්ට් මී) මතකද? මම හිතකින් නෙවේ බබා.
මගේ හිත කොච්චරනම් ඒ වෙලාවල් වල වැලපුනාද කියල දන්නේ මගේ හිතමයි. මගෙත් වේදනාව-
ඉතිරුණ බබා. මමත් ගොඩක් වේදනාවට පත්වුණා. මට කවදාහරි කියන්න ඕන බබා ඔයාට මම-
ඔයාට හැමදාටම ආදරේ කලා කරනවා කියල බබා. කවදාහරි මම ඔයාගේ හිතින් ඔයා දුරස්ම කරලා දාන්න-
වෙලාවක් කාලයක් එයි බොහෝවිට ලබන අවුරුද්දේ. ඉතින් ඔයාට මාව අමතක කරන්න සිද්දම වේවි.
ඉතින් ඒ කොයි කාලෙක උනත් මට කියන්න ඕන ඔයාට යමෙක් ඒ වෙනකොට ආදරෙන් හිටියත් මගේ ආදරෙත්-
අඩුවක් නැහැ කියන එකයි. ඉතින් ඔයා මේ ලෝකේ ලොකුම ආදරයක් ලබන කෙනා. මම හැමදාම ඔයාව අගේ කරනවා-
බබා. ඔයාගේ ආදරෙත් මම ඒවගේම අගේ කරනවා. බබා දුකින් ඉන්න එපා. හොඳින් ඉන්න. අම්මවත් හොඳට බලන්න.
තෙරුවන් සරණයි.

No comments:

Post a Comment