Monday 3 December 2018

december 4

මේක ලියන වෙලාවේ ඔයා බස් එකේ ඔෆිස් එක පැත්තට යනවා ඇති.
උදෙන්ම අපි කතාකරන විදිය මගේ කන් දෙකේ තවම ඇහෙනවා.
ඒ හැගීම් තවමත් හිතට දැනෙනවා. මට ඔයාව අමතක නැහැ බබා.
උදේ ඇස් අරිනකොටත්, රාත්‍රියට දෙනෙත් වසන විටත් ඔයා මගේ හිතේ-
ඉන්නවා. මගේ මතකේ රැඳෙනවා. මතක් වෙනවා. එහෙම වෙන කෙනා-
තමන්ගේ ජිවිතේ සතුට හෝ දොම්නස තීරණය කෙරන කෙනා කියල-
පොත්වල ලියවිලා තියෙනවා. මම ඉස්සර ඔයා එක්ක ඉතින් උදේ පහේ ඉඳල-
කතා කරපු මනුස්සයෙක් බබා. මම ඒවා කලේ කුහක කමකට නෙවේ.
බබා මම ඔයාට ආදරේ කරපු කෙනෙක්. හැමදාම ආදරේ කරාවි. මේක අපේ දුකම-
මාසේ. මාව මේ මාසෙන් පස්සේ ඔයාගේ මතක ගොනුවලින් සදහටම මැකිලා යාවි නේද?
කිසිම තරහක් නැහැ. එත් මම අපේ මතක අතරේ සැමදාම ඉන්නවා, ජිවත් වෙනවා බබා.
ඔයාව මට පෙනෙන්නෙත් නැහැ. දුකයි බබා එත් මම තරහ නැහැ. මම කවදාවත්-
නරකක් කරන්න හිතන් හටියේ නැහැ. ඒවගේම මම කවදාවත් ඔයාට නරකක් කරන්නෙත් නැහැ.
කොහොමද බබා ආදරේ කරන කෙනාට එහෙම කරන්නේ. මට උන එකම දේ ඔයාට ලංවෙන්න බැරි උන එක.
ඒක මගේ වරද. මම මුළු සන්සාරේම හරි ඔයාව හොයන්නම්. මගේ බබා හොඳින් ඉන්න.
මම හැමවෙල්වේම ඔයාව මතක් කලා කියන එක මට කියන්න ඕන.
තෙරුවන් සරණයි. අම්මත් හොඳින් නේද?

No comments:

Post a Comment