Wednesday 5 December 2018

december 5

අමතක වීම කොතරම් දුරට සිද්ද උනත්. කොතරම් දුරට මාව ගණන් නොගෙන හිටියත්-
මට ඔයාව අමතක වෙන්නෙත් නැහැ. මතක් වීම නවතින්නෙත් නැහැ. හැමදාම වගේ හැමවෙලාවෙම-
ඔබව මතකෙට එන්නේ නිරායාසයෙන්මයි. මම කවදාවත් ඔයාට වෛරයක් නැහැ බබා. මම-
කොයි කාලයක් හරි හොයන්නම් ඔයාව. මම ඔයාව අමතක කලා නෙවේ.
ඔයාගේ මතක ඇතුලේ මම නැහැ කියල මට දැනෙනවා බබා. එත් මට කියල ඔයාව පෙනෙන්නේවත් නැතුව-
ඔයාව මම නිතර මතක් කරනවා. කවදාහරි මම ඔයාව දකීවි කියල මම පතනවා.
වෙන්න තියෙන හැම හොදකම මම මගේ බබාට පතනවා. ඔයාට වෙච්ච නරකම දේ මම කියල-
මම නොදන්නවා නෙවේ. මට වෙච්ච හොඳම දේ ඔයා. මම ඔයාව සංසාරේ පුරාවට මතක තියාගෙන-
හොයන්නම්. මේක අපේ දුක් බරම මාසේ. මම ඔයාට ආදරේ කලා බබා හැමදාම කරාවි.
අපේ පොරොන්දු කිසිවක්ම මතකත් නැතුව ඇති. මම ඒවා මගේ ජිවිතේ පුජනියම දේ විදියට-
තියාගෙන මේ කාලෙත් ඉන්නම්. ඔයාට වෙච්ච නරකම දේ මම. මම ඉතින් දුකෙන් උනත් පතනවා බබා ඔයාට-
හොඳම දෙයක් හොඳම කෙනෙක් ලැබෙන්න කියල. මේ කිසිම දෙයක් මට ලෙහෙසි නැහැ. මට ලැබුණු ලස්සනම දේ ඔයා වේවි.
සරලත් නැහැ. මම එහෙම පතන්නේ ඔයා දුක් විඳිනවා බලන්න මේ මුළු සංසාරේටම බැරි නිසා.
මමත් ඔයාට ආදරේ කලා, කරනවා කරාවි හැමදාටම. ඔයා හිතන්නේ ඔයාගේ ඔය මුහුණේ හිනාව දකින්න-
මම උත්සහ නොකළ කෙනෙක් කියලද? ඉතින් ඒවගේම ඔය මුහුණේ කඳුළු බලන්නෙත් කොහොමද මම.
හොඳින් ඉන්න බබා. කඳුළු පුරෝගෙන ලියන ලිව්මක්. තෙරුවන් සරණයි.

No comments:

Post a Comment